ඉන්දිකා රාමනායක
ඉංගිරිය ප‍්‍රදේශයේ දී තරුණයින් දෙදෙනකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර ඇති පොලිසිය කියයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ පොලිස්පතිවරයා විසින් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බවද පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂවරයකු, සැරයන්වරයකු, හා කොස්තාපල්වරයකු ඊයේ (29) සවස සිට වැඩ තහනම් කර තිබිණි.
ඉකුත් (28) රාත්‍රීයේ ඉංගිරිය නගරයේ දී යුද හමුදා සාමාජිකයකු හා 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් එහිදී නිරුවත් කර පහරදුන් බවට ඉහත තිදෙනාට චෝදනා එල්ල වී තිබිණි.
COMMENTS
පොලිසියට කිසිම කෙනෙකුට පහරදෙන්නවත් බනින්නවත් බෑ...... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ එම යතිය තහවුරු කරලා තියෙන්නේ
වැඩ තහනම් කරන්න කලින් මෙවැනි නිලධාරින්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරලා පරික්ෂා කළ යුතුයි.... ඇත්තටම ඔවුන් තවදුරටත් පොලිසියේ රාජකාරි කිරීමට තරම් සුදූසු මානසික තත්වයක සිටිනවාද කියා....