IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


හංසයාගේ කටුනායක පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්:6ක් අත්අඩංගුවට

( තරිදු ජයවර්ධන)
කටුනායක පොලිස් බල ප්‍රදේශයේ  වල්පොල, අඩිඅම්බලම නිවසක  පවත්වාගෙන ගිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ කාර්යාලයකට පහර දී ඇතැයි  කටුනායක පොලීසිය කියයි.
 

ඊයේ රාත්‍රීයේ දී මෙම  පහරදීම සිදුව තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආධාරකරුවෝ 6 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
 
සැකකරුවන් මෝටර් රථයකින් හා යතුරු පැදි දෙකකින් පැමිණ පක්ෂ කාර්යාල පැවැති නිවස  අසළ නවතා තිබු මෝටර් රථයකට හා ත්‍රිරෝද රථයකට හානි කර ඇතැයි පැමිණිල්ලේ සහන් කර ඇතැයි පොලීසිය කියයි.
 
පක්ෂ කාර්යාලය පැවැති නිවසේ සැමියා සහ බිරිය තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන්  මේ පිළිබව පොලීසියට පැමිණිලි කර ඇත.



අදහස් (14)

හංසයාගේ කටුනායක පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්:6ක් අත්අඩංගුවට

Raveendra Monday, 18 November 2019 04:22 AM

කෙනෙකු ජයගත් පමණින් පරාජිතයින්ට පහර දෙන්න තරම් මිනිසුන් සුනඛයන් වුනේ කෙසේද? මොකාගේ පක්ෂේ අය වුණත් ගැටළුවක් නැත. ඇතුළට දැමිය යුතුමයි...

:       210       596

samMonday, 18 November 2019 04:36 AM

මේ ජරා ක්‍රමය දැන්වත් නවත්වන්න ඕනෑ. හිටපු ජනාධිපතිතුමා (මහින්ද) කියලම තියෙනවා ජයග්‍රහණය සාමකාමීව සමරන්න කියලා. ඒ වුණාට මේ අයට තාම හැසිරෙන්නේ 77දී පොලිසියට සුමානයක් නිවාඩු දීපු වෙලාවේ හැසිරුණු විදිහට... මේ වගේ සත්තු නිසා තමයි අපි හැමෝගෙම පොදු මතය වතුරේ යන්නේ.. සහ මහින්ද සහ ගෝඨා ජනාධිපතිවරුන් ඇතුළු ඒ ජයග්‍රහණය සඳහා වෙහෙසවුණු අනික් අයගේත් නම් කැතවෙන්නෙත්... ඒ නිසා මේ විදිහට හැසිරෙන්න ප්ලෑන් ගහන අනික් කට්ටියටත් දැනෙන්නම මේ කට්ටියට නිසි දඬුවම් දෙන්න...

:       110       221

Mohan Monday, 18 November 2019 04:27 AM

පටන් ගත්තා වගේ දිවුරුම් දෙන්නත් ඉස්සෙල්ලා...

:       265       431

Pradeep Monday, 18 November 2019 04:30 AM

දිනුවට පස්සේ මොනවද මේ කරන විකාර..? මහජනතාව ඇතිකරපු විශ්වාසය විනාශ නොකර ඉන්න වගබලා ගන්න... මොන පාලනයක් යටතේ හෝ මෙවන් ක්‍රියා සිදු නොවිය යුතුයි. වැරදි කරුවන්ට ඉහළම දඬුවම් බලාපොරොත්තු වෙමි.

:       53       208

SanthaMonday, 18 November 2019 06:44 AM

ලක්ෂ 69 ඡන්දය දුන්නේ ඕකට තමා. මුකුත් කියන්න එපා.

:       47       194

sharm warn Monday, 18 November 2019 04:37 AM

මේ සංස්කෘතිය නවත්වන්න හැකි ජනාධිපති, අගමැකි සහිත පාර්ලිමේන්තුවක් කවදා බිහිවේද ?

:       60       257

DONALD HECTOR Monday, 18 November 2019 04:49 AM

මේ අය නිසා තමයි කලින් මහින්ද පරාද උනේ. මේ අය පක්ෂෙනුත් පන්නලා දාන්න ඕනේ. මේ අය තියා ගත්තොත් ආපසු පක්ෂය විනාශ වෙනවා.

:       300       309

රජින්ද Monday, 18 November 2019 05:03 AM

රටට නව නායකත්වයක් සහ රටේ බහුතර ජාතිමාමක බලාපොරොත්තුවලට නව ජවයක් ගෝඨා ජනපති වීමට සුදුසුකම් ලැබීමෙන් ලැබුණි. කෙසේ වුවත් මේ රටේ පාක්‍ෂිකයින් යයි කියා ගන්නා ඔල්මාදකරුවන්ගෙන් මේ රට තවදුරටත් බේරාගත යුතුව ඇත. පොදුජන පෙරමුණ හෝ වෙනත් ඕනෑම පක්‍ෂයක පාක්‍ෂිකයින් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් සිදුකරන සියලු ආකාරයේ අන්තනෝමතික වැඩවලින් නරක නාමය යන්නේ රාජ්‍ය පාලනයටයි. එහෙයින් මේ සකල ආකාරයේ දේශපාලන මාෆියාවන්ගෙන් මේ රට බේරා ගැනීම අත්‍යාවශ්‍යයි. ගෝඨාගේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට අනිවාර්යයෙන්ම විශාල දේශපාලන ආකල්පමය වෙනසක් මේ රටේ ඇති කළ යුතුයි.

:       42       168

Wkl.priya Monday, 18 November 2019 06:08 AM

මේ ජරා ක්‍රමය නැති කිරීමට නම් ලංකාවේ මිනිස්සු හිතන පතන ක්‍රමය වෙනස් කළ යුතුයි. හැම දේශපාලකයෙක්ම බලයට එන්නෙ ජනතාව ගොනාට අන්දලා. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. මිනිස්සු හිතන්නෙ මොලෙන් නෙමෙයි. ඒක තමයි මේ හැම එකකටම මුල. මම හිතන්නෙ ලෝකෙ ඉන්න රවට්ටන්නම පුළුවන් ජාතිය ශ්‍රි ලංකික ජනතාවයි. සුළු පිරිසක් හැරුණු කොට. මෙය තේරුම් යාමට තව අවුරුදු 100ක්‌ වත් ගත වේවි.

:       230       256

Bamunuarachchi Monday, 18 November 2019 07:03 AM

අහන්න දෙයක් නැහැ රනිල්ගේ කට්ටිය වෙන්න ඇති

:       526       209

අතුල Monday, 18 November 2019 07:25 AM

අර කියනව වගෙ අවුරුදු 71 ක මජර දේශපාලනය එක රැයෙන් නවත්තනවා බොරු. කාලය විසින් සියල්ල විසඳේවි. ඒ සඳහා අපට හොඳ නායකයෙක් ඇත.

:       1       18

vidya Monday, 18 November 2019 07:33 AM

මේ මිනිසුන්ට හරියට නීතිය දැන්මම ක්‍රියා නොකොළොත් අනාගතයේ වැඩ අවුල් වෙයි .

:       71       84

සාන්ත Monday, 18 November 2019 08:53 AM

මේක ඡන්දේ ප්‍රශ්නයක් නොවෙයි. වෙන පුද්ගලික ආරවුලක්.

:       104       3

gamarala Monday, 18 November 2019 11:00 AM

මේ වැඩ නම් කවුරුවත් අනුමත කරන්නේ නැහැ. ඒ අයටත් තම දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෑ. නැත්නම් අපිට අදහස් හා යෝජනා ලබා ගන්න බැහැනේ. කිසිම විරුද්ධවාදියෙකුට අබ මල් රේණුවක තරම්වත් හිරිහැරයක් නොකිරීමට තරම් නිහතමානී විය යුතුයි. එහෙම නුනොත් අපිට විරුද්ධවාදීන් වැඩි වෙනවා. එතකොට අපි නිකම්ම පරදිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 137 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site