හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් ආර්. අලහකොන් මහතා පවසයි.
මෙසේ වසා දමා ඇත්තේ පුත්තලම පරණ මන්නාරම මාර්ගය මැදින් පිහිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම ආසන්නයේ පිහිටි පරණ එළුවන්කුලම ක්‍රෝස්වේ ප්‍රදේශයේ දීය.
ඇදහැලෙන මහ වැසි හේතුවෙන් කලා ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ක්‍රෝස්වේ තැලවිලි පාලම මතින් මේ වන විට අඩි දෙකකට වැඩි ජල කදක් පිටාර ගැලීම හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මාර්ගය වසා දැමු බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.