(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
හැට නව ලක්ෂයක් ඡන්ද අරගත්තේ මේ රටට සෞභාග්‍යය උදා කරනවා කියලා. නමුත් පත්වෙලා මාස තුනක් යනකොට අපිට තේරුණා සෞභාග්‍යය නෙමෙයි සවු භාගයක්වත් මේ රටට ඔහුගෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනව.
හැට නම ලක්ෂත ඡන්ද වරමකින් ජනාධිපති වී තුනෙන් දෙකක බලයක් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති තත්වය පිළිබඳව බෙහෙවින් කණගාටු වන බව ආනන්ද හිමියෝ කියා සිටියහ.
මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ආනන්ද හිමියෝ මේ බව කියා සිටියහ.
අද වන විට ඔහු රටින් රටට යනව. ඔහු එහෙම යන්න අවශ්‍ය නැහැ. ඔහු වරදක් කරල නැහැ. නීතියෙන් වැරදිකරුවෙක් වෙලා නැහැ. එහෙම නං ඇයි එතුමා ඒ තත්වෙට පත් වෙලා තියෙන්නෙ. ඔහු මේ රටේ පුරවැසියෙක් ඔහුට ඕන වෙලාවක මේ රටට එන්න පුළුවන්. මේ රටට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.
COMMENTS
උද්දච්චකම යනු තමන් යමක් ගැන නොදැන බොහෝ සේ දන්නා බව පෙන්වීමයි.
අපේ මහනායක හිමිවරු කියලා නිකම්ම උන්නෙත් නැහැනේ. දුශිත පවුල් පාලනේ අයත් මේවට වගකිව යුතුයි .
සැබෑ ලෙසටම සිස්ටම් චේන්ජ් කරන්නට යෑමයි ඔහු කළ වැරැද්ද. සුපුරුදු පරිදි ලෝකෙට ණයවෙලා මේ රටේ මධ්‍යම පංතියට තම සුපුරුදු කාමසුඛල්ලකානු ජීවිතය ගෙන යන්නට සැලසුවා නම් "අරගල" නැත. කෝවිඩ් කොරේ පිටට ආ ලෝක ආර්ථික අවපාතය නමැති දේ නිසා ඇති වූ දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් ලෝක බලවතුන් ජුලී චන්ග් නෝනා, බෝන් අගේන් කල්ලි සහ සිංහල බෞද්ධ විරෝධීන් ඉත්තන් කර ගනිමින් 2009 මැයි 18 නන්දිකඩාල් පලිය මහින්ද ගෝඨා දෙදෙනාගෙන් ගත්තේය. රටේ පොදු ජනතාව එතුමාට බලය ලබාදුන්නේ හැමෝම කියන තාලයට වැඩකරමින් ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් බවට මේ රට පත් කිරීමට නොවේ. ජවිපෙ, සජබ වැනි කොයිදේටත් විරුද්ධ වන දේශපාලන පක්ෂ ඉතිහාසයේ පෙර නොවූ විරූ වැඩ වර්ජන රැලි ඇතිකරමින්, ආයෝජන මෙරටින් තුරන් කරමින් එතුමාට කිසිම වැඩක් තම සැලැස්ම අනුව ඉටු කිරීමට ඉඩ නුදුන් අයුරු ඛේදජනකයි.
හාමුදුරුවෝ බණ කියන්න පටන් අරගෙන වගෙයි.
මැක්ස් මහතා, ඔබ ඉතා නිවැරදිව අදහස දක්වා ඇත. අරගලෙ පිටි පස්සෙන් රනිල් සහ සහචර දනපතියන්ද සිටි බවත් සදහන් කල යුතුය .
උද්ධච්චකම ගැන මුරුත්තෙට්ටුවේ උන්නාන්සේටත් එකයි
හාමුදුරුවනේ ඔය එක හේතුවක් වත් නෙමෙයි .ඒ පූරුවේ කරුමේ .ඔබ වහන්සේලාටත් ධර්.මය අමතක වෙලා වගේ නේ ?
ඔහුට වැරදුනේ ඔහුගේ බියගුලු කමයි දුර දක්නා නුවනක් නොමැතිකමයි නිසයි.
ජාතිවාදීන්,ආගම්වාදීන්,දුෂ්ශීලයන් හා දේශාපාලන ගැත්තන් එකතුව රාජපක්ෂවරුන් ද සමගින් මේ සුන්දර රට සහමුලින්ම කාබාසිනියා කරා.වංචාව දූෂණය හොරකම ඉවාවහා ගියා. සවිභාග්යයේ නාමයෙන් රටම හොරා කෑවා. ඒ නිසා ජනතාව පාරට බැස්සා.
උද්දච්ච කම නොවෙයි හාමුදුරුවනේ. සැලසුම් සහගත ලෙස මෙරට ආර්ථික අර්බුදය ආයුධයක් කරගෙන ලබාගත් පලිගැනීමක්. යුද්ධය අවසාන කිරීමට නායකත්වය දුන් නායකයින්ට මෙහෙම දඬුවම් ලැබෙනව.
කෙටියෙන් අහනව, සීනිබදු වංචාව, රසායනික පොහොර තහනම, බදුසීමාව ඉහල දැමීම, වැට් බදු අඩු කිරීම,සාටක දාපු හතරපස්දෙනෙක් කැබිනට්ටුවේ සිටුවීම, කෝකටත් විසඳුම විදියට හමුදාවෙ පැන්ශන් කාරයො රාජ්‍ය යන්ත්‍රයට බැස්සවීම, ඒවත් ඔය කියන ඇමරිකාවට එරෙහිව, බෞද්ධයන් සතුටු කරන්න, කාමසුඛලිතානු ජීවිතයෙන් ජනතාව ඈත් කරන්න ගනිපු පියවරයන්ද?
මැක්ස්, උඹල වගේ ජාතිවාදී බයියෝ ඉන්නකම් කවදාවත් මේ රට හදන්න බැහැ. අනික නීතියෙන්ම ඔප්පු කරලා නැතිලු. අපේ රටේ මේ වෙන තොක් එක දේසපාලුවෙක් නීතියෙන් ඔප්පු කරලා තියෙනවද වැරැද්දකට? ඒත් උන් ඔක්කොම හොරකම් කළා.
ගෝටාට වැරදුනේ සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු හින්දා. සවුබාග්‍ය හරියට පෙන්නුවානම් ඔහොම වෙයිද?
අපේ හාමුදුරුවරුත් මේවට සමසේ වගකියන්න ඕන. මොන නායකයෙක් ආවත් පන්සල් වලට වද්දගෙන මුරුන්ග අත්තේ තියල ගුණ ගායනා කරනවා. මේවා දැන්වත් නවත්තන්න. බලන්න තායිලන්තය, බුරුමය, වියට්නාමය වගේ බෞද්ධ රටවල දේශපාලඥවරු කවදාවත්ම පන්සලකට වද්ද ගන්නෙ නැහැ. ගෝඨා මුලු රටේම පරිපාලනය බින්දුවටම වටිටලා, මුලු රටේම ගොවිතැන නැති කරල වලපල්ලට යවලා, මේ උතුම් රට ලෝකෙන්ම හිගාකන ණය රටක් කරලා ගියේ. අහෝ අපේ මුලු ජනජීවිතයටම වෙච්ච අපරාධයක්???
අනේ අපේ හාමුදුරුවනේ රට අද මේ තත්ත්වයට පත් කලේ එතුමා නොවේනම් වෙන කවුද? ආපහු ආවොත් හිරේ යන්න ලැස්ති වෙලාම එන්න කියන්න.
ලක්ෂ 69ක් ඡන්දය දුන්නේ රනිල්ට විරුද්ධව මඩ ප්‍රචාර ගෙනැල්ලා තක්කඩි වැඩකරපු නිසයි. නමුත් ඒ කරපු පව් ඵලදීලා ආපහු රනිල්ටම රට බාරදෙන්න සිදුවීම දෛවයේ සරදමකි...