IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


විදේශීය චිත්‍රපට - ටෙලිනාට්‍ය - වාණිජ වැඩසටහන් බද්ද ඉහළ දමයි

(රංජන් කස්තුරි)

පිටරටින් ආනයනය කර හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය ,චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරන ගාස්තුව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 90000 සිට 150 000 දක්වා වැඩිකර තිබේ.

මෙරට විකාශනය කරන ලබන ඇතැමි විදේශ ටෙලිනාට්‍ය ,චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකිත සම්ප්‍රදාය ,අනන්‍යතාව හා ආචාර ධර්මවලට පටහැනි බව නිරීක්ෂණය වන හෙයින් එම හානිය අවම කරගැනීමට පියවර ගන්නැයි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයින් ඇමති මංගල සමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම පියවර ගත් බවද මුදල් අමාත්‍යංශය කියයි.

කෙසේ වුවද සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවෙන් නිෂ්පාදනය කරන ලබන ටෙලිනාට්‍ය ,චිත්‍රපටවල මුල් පිටපත් හඬකවා නොමැතිනම් ඒවාට මෙම ගාස්තු අයකිරීම අදාළ නොවන බවද අමාත්‍යංශය පවසයි.



අදහස් (20)

විදේශීය චිත්‍රපට - ටෙලිනාට්‍ය - වාණිජ වැඩසටහන් බද්ද ඉහළ දමයි

DG Tuesday, 07 November 2017 01:09 PM

නියමයි

:       3       757

පිටිගල මිලානෝ Tuesday, 07 November 2017 01:15 PM

කිරිඅත්තාගේ සිට අලුත උපන් දරුවා දක්වා සාරී සහ සූට් ඇඳන් පිරිමි පවා නින්දට යනකොටත් මේකප් දමා හත්මුතු පරම්පරාවම හෝටලයක් වැනි ගෙදරක එකට ජීවත්වන හඬ කැවූ යතාර්ථයෙන් ඔබ්බට ගිය මේ සමයං නාටක තහනම් කරන්න. මේවාට විකල්පයක් ලෙස නිපදවූවා යයි කියා මේ දිනවල සමාජ මාධ්‍යවල පවා ඉහලින් වැජබෙන කූඹියෝ නාටකයේ කරන්නෙත් හොරා, වංචා කාරයා සහ සමාජ දුෂිත ක්‍රියා වල යෙදෙන්නන් වීරයන් කරලා පෙන්වන එකයි. මේවා බලන පොඩි ළමයි ලොකු වෙනකොට කොහෙන් කෙලවර වෙයිද? මේ රට තවත් අන්ත හොරුන්ගෙන් පිරුණු රටක් වෙයි. මේකේ ඉන්න පාතාල මැරයා හරීම අහිංසක සාන්ත දාන්ත විධියටයි සමාජගත කරන්න හදන්නේ.මෙය වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ පෙන්නන්න කියා මම ඉල්ලා සිටිනවා.

:       2       790

JayaweeraWednesday, 08 November 2017 01:53 AM

ඒ කතාව සහතික ඇත්ත. අර අලුත් පරපුර කියන උන් කඩේ ගියාට උන්ට දෙන තෑග්ගනේ මේ. උපායශීලීව බලු වැඩ කරන විදිය කියල දෙන ඒව තමයි දැන් "හිට්" වෙන්නේ. සම්භාව්‍ය කියන වචනෙත් කෑවා.

:       0       8

purawasiya Tuesday, 07 November 2017 02:05 PM

බදු ප්‍රමාණය ලක්ෂ 5 දක්වා ක්‍රමානුකුලව වැඩි කරන්ඩ. නැවතත් රුපවාහිනි බලපත්‍ර ක්‍රමයක් ඇති කරන්ඩ. රුපිල් 500 ත් 1000 ත් අතර ගාස්තුවක් අය කරන්ඩ. මෙම ගාස්තු අය කිරීම සඳහා එක ආසනයකට එක පුද්ගලයෙක් ප්‍රාදේශීය සභාවට අනුයුක්ත කරන්ඩ. අලුත් රැකියා 168 ක් ඇතිකළ හැකයි.කලින් දන්වා නිවාසවලට ගොස් මුදල මාස් පතා එකතු කරන්ඩ..

:       352       516

chandrikaTuesday, 07 November 2017 08:52 PM

500 - 1000 ක් රුපවාහිනියක් තියෙනවට ජනතාවගෙන් මාස් පතා අය කරන්න කියල තමුන් ආණ්ඩුවට කියන්නේ තමනුයි අපියි ඇමරිකාවේ හරි ජපානේ හරි වෙනත් දනවත් රටක ඉන්නවා කියල හිතාගෙනද ? මේක ලංකාව මහත්තයෝ . මෙහෙ මිනිස්සු ගොඩක් දෙනෙක් බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නේ ..

:       0       181

නුමාTuesday, 07 November 2017 10:22 PM

බදු වැඩිකිරීම හෝ නාට්‍යය/චිත්‍රපට වාරණයකට ලක්කිරීම ගැන කිසිදු තර්කයක් නැහැ. වර්තමාන තත්ත්වය අනුව සුදුසු දෙයක්. නමුත් අතීතයේ මෙන් රූපවාහිනී(ගුවන්විදුලි) යන්ත්‍ර භාවිතය සඳහා බදු අය කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බවයි මට නම් වැටහෙන්නෙ. එහි පරමාර්ථය අපහැදිලියි. රථ වාහන සඳහා ලියාපදිංචිය අවශ්‍ය ඇයි යන්න පැහැදිලියි. එය අයිතිකරුට පමණක් නොව මුළු සමාජයටම බලපෑමක් කළ හැකි යන්ත්‍රයක්. ඔබ සිනමා ශාලවක් මෙන්, ඔබේ රූපවාහිනිය ගමටම පෙනෙන්න සලස්වන්නෙ නම් එවන් අයකිරීමක් සුදුසු නමුත්, අන් සියලු දෙනා පෞද්ගලිකව පරිහරණය කරන උපකරණකට බදු අය කිරීම වටහා ගත නොහැකියි. අතීතයේ සුඛෝපභෝගී භාණ්ඩයක්ව පැවති අවධියේ නම් බදු අය කල බව සැබෑය. නමුත් අද රූපවහිනියක් නැති නිවෙස්න ඉතාමත් අල්පය. මා නිවසේ රූපවාහිනියක් නොමැත්තේ දරුවන්ගේ රසාඥතාවය ගැන සලකා ස්වයං වාරණයක් ලෙස සහ මා හට එවැන්නක අවශ්‍යතාවයක් කිසිසේත්ම නොමැති බැවිනි. රූපවාහිනියකට බදු අය කිරීමට වඩා, මිනිසුන් බුද්ධිමත්වීම වැදගත් බවයි මගේ කියවීම නම්.

:       0       105

lanka Wednesday, 08 November 2017 03:49 AM

ඕවගේ රැකියානම් ඕනෑතරම් හදන්න පුළුවන් .දේසපාලන හෙන්ච්මන්ලා ඒවාට බදවගන්නත් පුළුවන්. එහෙම එකතුවෙන සලිවලින් ප්‍රදේශිය සබාවල සබපතිලට පිස්සු කෙලින්න පුළුවන්.

:       0       138

SilvaWednesday, 08 November 2017 03:54 AM

කමක් නැද්ද...

:       0       106

bamunuarachchiWednesday, 08 November 2017 02:22 PM

මේවා බලන අය ගෙනුත් බද්දක් ගන්නවා නම් බොහොම හොඳයි. හඬ කැව්වත් නැතත් අපි නම් සිංහල, දෙමල, හින්දි ටෙලි නාටක ගේ පළාතට ගන්නේ නැත. දුරින් දුරලා ඇත.

:       0       0

sarath Tuesday, 07 November 2017 03:30 PM

ලංකාවේ ට්වී වල බලන්න සුදුසු දේවල් ඇත්තෙම නැති තරම්.ජාතික ,ස්වාදීන රුපවහිනිවල යාන්තම් වැඩසටහනක් දෙකක් තියෙනවා.ළමයින්ට තියා හතුරෙකුටවත් බලන්න දෙන්න නුසුදුසු වැඩසටහන් තමයි තියෙන්නේ.තමිල්නාඩුවෙන් ගෙන්වපු බාල ගනයේ චිත්‍ර පට තමයි වැඩිමනත් තියෙන්නේ.පොඩි උන් ඉවරයි .

:       0       0

නයන Tuesday, 07 November 2017 04:13 PM

තත්පර 30 ඇඩ් 2ක ගාන. ඕක දැනෙන්නේ වත් නෑ උන්ට.

:       0       0

ආනන්ද Tuesday, 07 November 2017 04:46 PM

ගරු මුදල් හා ජනමාධ්‍ය ඇමති තුමාටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමාටත් මෙන්න මගේ ශීර්ෂ ප්‍රණාමය

:       1       31

minipe Tuesday, 07 November 2017 05:08 PM

තමන්ට අහිමි සුපරි ජිවිත ගත කරන අය, රූපවාහිනියෙන් නැරබීමට මිනිසුන් හරි ආසයි.පව් අනේ.සමහර ඉන්දියානු නිලියන් දෙස බලා, හෝදලා වතුර බොන්න පුළුවන් කියලා කියන අය අපේ සමාජයේ ඉන්නවා.

:       0       1

Senewi Wednesday, 08 November 2017 01:56 AM

හම්මෝ හරි ලොකු ගානක් වැඩි කරල තියෙන්නේ. උන් ඕක එක ඇඩ් එකෙන් කවර් කර ගනිවි. අඩු ගානේ ලක්ෂ 10ක් වත් කරන්න ඕනේ. අර ඉන්දියානු ජරාව වල තනිකරම මිත්‍යා විශ්වාස වපුරනවා. පුදුම කරදරයක්

:       0       122

Dema Wednesday, 08 November 2017 02:02 AM

වැඩකට නැති දේවල් පෙන්නන්න රූපවාහිනී නාලිකා දාන එකත් අපේ ගෙදර තහනම්. ගෙවල් මට්ටමෙන් ඔය වැඩේ පටන් ගත්ත නම් නිකන්ම ඕව නතර වෙනව. අනිත් හොඳම වැඩේ තමයි ඒ වෙලාවට පෙන්නන ඇඩ් මතක තියාගෙන ඒ මාර්කට් කරපුව ගන්න එක අඩු කරන්න. විශාල පිරිසක් ඒක කරනකොට උන්ට ඒක දැනෙනව.

:       0       87

Reks Wednesday, 08 November 2017 02:24 AM

අපොයි ඔය ගාන ඒ අය තත්පර 5න් හොයා ගන්නවා....

:       0       0

sensa Wednesday, 08 November 2017 03:11 AM

මේ කසිකබල් ඉන්දියානු මෙගා නාට්‍ය සම්පූර්ණයෙන්ම ගෙන්වීම නවත්වන්න. මේ අභව්‍ය දර්ෂණ නිසා දැනටමත් තරුණ පරපුර නොමග ගොස් අවසානයි. ඉන්දියාවෙත් නැතිව ඇති සංස්කෘතියක් මුන් ලංකාවේ හදන්නයි යන්නේ.

:       1       59

Ruwan Wednesday, 08 November 2017 03:29 AM

හොද තීරණයක්, තව වැඩි කරන්න.

:       1       143

ගාස්තු අය කරන්න Wednesday, 08 November 2017 05:41 AM

සියලු රජයේ බැංකු ණය දෙන විට පොළිය, මුල් මුදල, සේවා ගාස්තු, නීති ගාස්තු ... අය කරයි. එලෙසම විශ්වවිද්‍යාල ගාස්තු අය කරන්න. ජනසවි, සමෘද්ධි ක්‍රමයට නැති බැරි අයට සහ අදායම් මට්ටම් පරික්ෂා කර 2 වන මැද පන්තිය දෙමාපියනට මුදල් දෙන්න. විශ්වවිද්‍යාලවල ඇතුල් වන තැන ආරක්ෂක කුටිය ළඟ CCTV සවිකර ඇඟිලි සටහන් යන්ත්‍ර මගින් සිසුන්ගේ පැමිණීම සටහන් කරන්න. 75% දේශන වලට ගිය අයගේ දෙමාපියනට හෝ භාරකරුට මුදල් දෙන්න. එවිට උද්ඝෝෂණ අඩුවේ.

:       29       0

wasanjaya Thursday, 09 November 2017 09:34 AM

ඉන්දියානු චිත්‍රපට තහනම්ම කරලා දැම්මනම් රටට සෙතක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25721 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18153 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 596 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 175 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 837 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site