(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදි පෙරවරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇත.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය ගැන ද එහිදී පක්ෂ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ . තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තීරණයක් නොව පොදුවේ ආණ්ඩුව ගත් තීරණයක් බැවින්,ගම්මන්පිල මහතා වෙනුවෙන් දිගටම පෙනීසිටීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කළ බව දැනගන්නට ඇත .
මේ අතර සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමටද එහිදී පක්ෂ නායකයන් සාකච්ඡා කළ බව වාර්තා වෙි.
තෙල් මිල වැඩි කිරීමෙන් පිඩාවට පත්ව ඇති දිළිඳු ජන කොටස් වෙත අත්‍යවශ්‍ය ආහාර ඇතුලත් සහන මල්ලක් දීමටද පක්ෂ නායකයින් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත .
අතුරලියේ රතන හිමි ,වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,ටිරාන් අලස් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ද ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්දඅලුත්ගමගේ යන මහත්වරු ද එම සාකච්ඡාවට සහභාගී වූහ
COMMENTS
පොදු පෙරමුණේ පිල්ලි දැන්ම විනාශකළේ නැතිනම් පොදුපෙරමුණටත් අබසරණයි.
බල්ලාගේ ඇඟේ එල්ලිලා ඉන්න මැක්කන්ට බල්ලා නැතුව විසුමක් නැති කතා විතරක් කියන්න එන්න එපා ඔන්න. පාලක සන්ධානය නිවැරදි කිරීමට සහ එහි වඩාත් ගැටළු සහගත තීරණ සමහරක් ආපසු හැරවීමට ආණ්ඩුවේම කවුරුහරි “අභ්‍යන්තර අරගලයක්” බොහෝ වෙලාවට’ සිදු කරමින් ඉන්නා බව කවුරුත් දන්නා රහසක්. මේ රැස්වීම් තියන එකත් නානා මාදිලියේ මාධ්‍ය සාකච්ඡා තියන එකත් අහස උසට නැග ඇති බඩු මිල, ආණ්ඩුව ෆේල් කියන කතාව, කොළඹ ඉඩම් විකිණීම, කොරෝනා එන්නත් කරණයේ අවුල, ගංවතුර, අලි මිනිස් අවුල, සැප වාහන ගෙන්වීමේ අවුල, පොහොර ප්‍රශ්නය, තෙල් මිල වැඩිකිරීම ආදී මෙකී නොකී අනේකවිධ ජංජාලයන් අමතක කරවීමට තිරගත කළ ‘ඉල්ලා අස්වීමේ’ නාටකයේ විවේක කාලයෙන් පසු කොටස වෙන්නට බැරි නැහැ...
අපිව අන්දන්න කරන නාඩගම් ටික දවසක් ගියාම ඔක්කොම හරි...
ඒ පාර තෙල් බැරලය පුපුරා යන්න වගෙයි හදන්නේ?
මැක්කෝ මොනවා කළත් බල්ලව දාලා යන්නේ නැහැ. මොකද බල්ලා නැතිනම් මැක්කගේ ජීවිතය ඉවරයි.
අතුරලියේ රතන හිමි ,වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල,... මෙන්න පක්ෂවල නායකයන්... මේ අයව පාර්ලිමේන්තුවට එවපු අයට මඩු වලිගයෙන් තමයි ගහන්න වෙන්නේ...
විනෝද සමයේ අලුත්ම නාටකය... මොනවා වුණත් ඇනස්ලි, බර්ටිලාට වැඩිය මෙයාලා අපිව හිනස්සනවා.
කාලෝචිතව රටට ආදරයෙන් ගත් සාර්ථක උත්සාහයක්... දැන් වහාම වැඩිකළ තෙල්මිල තිබුණාටත් වඩා පහළට දමාවි. සාගර කාරියවසම්ව උළ හිඳුවාවි..!!! .
ජනතාවට ප්‍රශ්න එනකොට රැස්වෙන්න එක මිනිහෙක් නෑ. ඒත් ඕස්ට්‍රේලියන් කාර ගොම්මන්පිල බේරගන්න වහාම රැස්වෙනවා. පුදුම කාලකන්නි.
විමල් හදන්නේ එයාගේම පක්ෂයෙන් ඊළඟ මැතිවරණයේදී එළි බහින්නයි...
තවත් නාටකයක්...!!!
බන්දුල ගුණවර්ධනත් හිටියා...!!!
මේ කවුරුත් පක්ෂ නායකයින් තමයි. නමුත් කාටවත් ත්‍රී වීල් එකක ගෙනියන්න තරම් සාමාජිකයින් නැහැ. බොහෝ දෙනෙක් දූෂණ චෝදනා ලබපු අය. ජනබලයක් ඇත්තේ නැහැ. ඒ සෙට් එකම එකතුවෙලා වෙනම ඡන්දය ඉල්ලුවත් එකම ආසනයක්වත් දිනයි කියලා හිතන්න බැහැ. බුද්ධිමතුණොත් නෙමෙයි. කයිවාරුකාරයි විතරයි. ඒ නිසා තමන්ගේ තැන රැකගන්න කරන නාඩගමක් හෝ පොහොට්ටුවේම උපායක් කියලා තමයි මේ විගඩම් කියලා හිතෙනවා...
රැස්වුණා නොවේ පක්ෂය මාරුකළා කිව්වත් මෙයාලාව විශ්වාස කළ නොහැකිය. ජනතාවනි, මේ නාටක වලට නොරැවටෙමු...
මිල වැඩි කරලා ඔක්කොම එකතු වෙලා දැන් බොරු සෝබන දානවා.
මේ ගොල්ලන්ට දැන් වෙලා තියන්නේ ගොළුවා කසායම බීපුවා වගේ... දැන් ආණ්ඩුව තිත්තයි කියලා කියන්නත් බැරි තරමට පත්වෙලා ඉන්නේ...
රතන හිමි පසුපස දොරෙන් පොහොට්ටුවට කඩේ යාම ලැජ්ජා නැති ක්‍රියාවකි. මැතිවරණයේ දී කොඩිය සලකුණට ඡන්දය දුන් පිරිසෙන් 90% ක්ම අපේක්‍ෂා කරන ලද්දේ බොදුබල සේනාවේ හිමියන් හට පාර්ලිමේන්තුවට ගොස් රටේ බහුතර ජනතාවගේ යහපතට යමක් සිදුුු කිරීමයි.
ඔවුන් ඔක්කොටම විමල් වීරවංශ හදපු අර සුරුට්ටව දුන්නනම් හරි
බලය ලැබීම කියන්නේ බෙහෙත් නැති එහෙත් කාලීනව ඉබේ සුවවන දරුණු ලෙඩක්... ඉවසීමෙන් බලා ඉඳීමු. සුව නොවුණොත් එයින්ම කුජීත වෙලා යයි. කිසිම දෙයක් සදාකාලික නැහැ...
අපිව අන්දන්න කරන නාඩගම් ටික දවසක් ගියාම ඔක්කොම හරි...
ඊළඟ ඡන්ද අපේක්ෂකයා හැටියට වීරවංශගේ නම යෝජනා කරමු...
නැගී ජනතා විරෝධය වෙන අතකට හරවන්න කරන දේවල්
එතකොට කොරොනා නීති නැද්ද මේ අයට...?
හපොයි මෙයාලා ඔක්කොම ගෙදර ගිහින්ද? එහෙනම් ලේ ටෙස්ට් කරන්න වෙයිද මන්දා?
අගුලුදැමීමේ නීතියට මොකද වුණේ...?
අලි බබා සහ හොරු හතළිහ...!!!
දූෂිත බලලෝභී දේශපාලකයින් ඔක්කොම එකයි. ජනතාව ගොනාට අන්දවපු එක තමා කවදත් කෙරුවේ... එකෙක්වත් විශ්වාස කරනවා බොරු.. තවත් රඟපෑමක් කරන්න අර අඳිනවා වගේ..!!!