IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වස්ගමුව වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුළු වූ 28 ක් අත්අඩංගුවට

(ඉන්දික අරුණ කුමාර)

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොලොන්නරුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක් ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරිහු පවසති.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නගානාගල ප්‍රදේශයේ දී වැටලීම සිදුකර තිබේ.

වෙසක් පොහෝ දින වස්ගමුව ජාතික වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුල්වීම හා රැදී සිටිමේ චෝදනා යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට නියමිතය.

අත්අඩංගුවට ගත් පිරිස සමග ඔවුන් සන්තකයේ තිබු පිහි කිහිපයක් හා ආහාර ද්‍රව්‍ය රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් කුමන අරමුණක් සදහා වනෝද්‍යානයට ඇතුළු වූවාද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.



අදහස් (7)

වස්ගමුව වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුළු වූ 28 ක් අත්අඩංගුවට

රවින් Saturday, 09 May 2020 09:32 AM

හා දේශපාලුවොත් ඉන්නවා නේද? දවස් 28ක් නොරෝදායනයට. සැප පහසු ඇති හොටල වල තියන මද්‍යස්ථාන වලට නොවේ. අඩුම පහසුකම් ඇති මුල්ලක තියන මද්‍යස්ථාන වලට. ඊට අමතරව නිතිය තදින්ම ක්‍රියාත්මක කලයුතුවේ. නීතිවිරෝදී එකමුතුව?

:       0       7

rocky Saturday, 09 May 2020 10:07 AM

ප්‍රාදේශීය සභාකාරයෝ දෙන්නක්ම හිටියා නම් භයානකයි. ඕකලා පිහියා එහෙම අරගන නිකමට වනාන්තරේට යන්නේ නැහැනේ. හාමුදුරුවන් වත් රවටාගන කාට හරි පිහියෙන් අනින්න හරි, එහෙම නැත් නම් ස්ත්‍රී දුෂනේකට හරි යන්න ඇති. දෙන්නාම පොහොට්ටුවො ද කියල හොයලා බලන්න.

:       0       7

Raveendra Saturday, 09 May 2020 10:48 AM

වෙසක් පෝයට සිල්සමාදම් වෙන්න යන්න ඇති. අඩු වශයෙන් මරණාධාර සමිතියේ අම්බරුවන් දෙදෙනාගේ නම් ගම් සදහන් කරන්නේ නම් ඒ අනාගතයට වැදගත් වනු ඇත. මෙම පුවතෙහි සදහන් පරිදි 28 දෙනෙකු... බස් එකක්ම ගිහින් වගේ අනේ මන්ද....

:       0       1

karu Saturday, 09 May 2020 11:37 AM

කාලකන්නි... අනිවාර්යයෙන්ම මේ හොර රැල දඩයමේ යන්න ඇති. වෙඩි තිබ්බේ නැත්තේ ඇයි....? මම එතන හිටියා නම් දේශපාලුවා, අරකා මේකා... කියලා බලන්නේ නැහැ. රාජකාරිය කරද්දී මට ඔය කෝකත් එකයි... ඔක්කොටම තියනවා..කෑලි යන්න.

:       2       86

Prabha Saturday, 09 May 2020 12:07 PM

නිධන් ටීම් එකක් වගේ...

:       0       3

Prasad Saturday, 09 May 2020 01:33 PM

මන්ත‍්‍රීලා දෙන්නයි සෞදි යන්න ඇත්තේ... එක්කෝ කොරෝනා වලට බෙහෙත් හොයන්න. නැතිනම් බෙහෙතට මුවෙක් හොයාගන්න වෙන්න ඇති...

:       0       3

lalithm Sunday, 10 May 2020 03:47 AM

ඕනෙම වසුරු ගොඩක සිවුරක් තියෙනවා. රටේ උදේ ඉඳන් රෑ වෙනකම් බණ දහම් දෙසන අයගේ හැටි පෙනෙනවා නේද? ආගම ජීවනෝපායක් විතරක් වුනේ සිවුරට දේශපාලනය එක්වුනදා ඉඳලයි.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site