(සුමතිපාල දීයගහගේ)
වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක පැවති සාදයකදී අද (8) බීමත්ව එම හෝටලයේ දේපලවලට අලාභහානි කරමින් සහ කලහකාරි ලෙස හැසිරුන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
මිරිහාන අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද විමර්ශන කටයුත්තක් සදහා එම හෝටලයට පැමිණ ඇත. එහිදී බීමත්ව සිටි කොස්තාපල්වරුන් දෙදෙනා මිරිහාන පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරින් සමගද ආරවුලක් ඇති කර ගෙන තිබේ.
මේ පිළිබද පොලිසියට ලැබුණ තොරතුරක් මත පැමිණි වැලිගම පොලිසිය විසින් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනා තංගල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් බව වාර්තාවේ. කොස්තාපල්වරුන් දෙදෙනා අද (8) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිගමනම් ආයේ අහන්න දෙයක් නෑ. ජරා පප්පලා තමයි ඉන්නේ...