(රංජන් කස්තුරි)
හදිසි ආපදා අවස්ථාවක දී විපතට පත්වන ජනතාව රැඳවීම සඳහා රටපුරා රැදවුම් මධ්‍යස්ථාන 100ක් ඉදි කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
රටපුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි එම රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකරන අතර එක් මධ්‍යස්ථානයක පුද්ගලයන් 100ක් 200ක් අතර සංඛ්‍යාවක් රැදවිය හැකි පරිදි ඒවා ඉදි කිරිමට නියමිතය.
ආපදා කඳවුරු ලෙස එම මධ්‍යස්ථාන භාවිතා නොකරන අවස්ථාවන් හි දී එකී ගොඩනැගිලි ළුලදායි ලෙස පරිහරණය කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරිමට ද නියමිතය.
COMMENTS
ඕකට අලුතෙන් හදන්න ඕනේ නෑනේ. ගොඩක් පාසල්, පන්සල් වගේ ඒවා තියෙන්නේ ආපදාවලින් අවම හානියක් වෙන තැන්වල. ඒවාට අවශ්‍ය පහසුකම් ලබල දෙන්න... ජල පිරිපහදු, විදුලි ජනන යන්ත්‍ර, ගබඩා පහසුකම්, අමතර වැසිකිළි වගේ දේවල්...
තවත් සුදු අලියෙක්, ටිකදවසක් යනකොට මේවා හරක් ලගින ස්ථාන බවට පත්වේවි. නරකද පාසල් හා රෝහල් ආශ්‍රිතව මෙවැනි ගොඩනැගිලි තැනුවානම් තවත් දෙයකට පාවිච්චිකරන්න පුළුවන්නේ.