ඔගස්ටින් ප්‍රනාන්දු
විදුලි ඉංජිනේරුවරයකුට දුරකතනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම අගෝස්තු මස 28 වැනිදා දක්වා කල් තැබීමට හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (07) නියෝග කළේය.
මන්ත්‍රීවරයාගේ නිවසට නීති විරෝධීව විදුලිය ලබා ගෙන ඇති බවට ලද තොරතුරක් අනුව 2015 වසරේ දිනක දී හලාවත විදුලි ඉංජිනේරු ප්‍රසාද් ජුඩි රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගොස් මන්ත්‍රීවරයානේ නිවසේ විදුලිය විසන්දි කර තිබේ.
එම සිද්ධියෙන් පසු මන්ත්‍රීවරයා විදුලි ඉංජිනේරුවරයාට දුරකථනයෙන් බැන තර්ජනය කළ බවට විදුලි ඉංජිනේරුවරයා හලාවත පොලිසිය කළ පැමිණිල්ලක් අනුව මන්ත්‍රීවරයාට එරෙහිව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරා තිබුණි.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවට නොපැමිණ සිටි අතර ඔහු ඒ වන විට හලාවත මහාධිකරණයෙහි විභාග වන නඩුවකට පෙනී සිටින බව අනාවරණය වීම නිසා මෙම නඩුව කල් තැබිණි.
මන්ත්‍රීවරයාගේ නිවසට නීති විරෝධීව විදුලිය ලබා ගැනීමෙන් විදුලි බල මණ්ඩලයට සිදුව තිබූ හානීය ලෙසින් රුපියල් ලක්ෂ පහලොවකට අධික මුදලක් දඩ වශයෙන් මන්ත්‍රීවරයාගෙන් අය කර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි නඩුව කල් යයි