හර්ෂණ තුෂාර සිල්වා
නව දේශීය ආදායම් පනතට අනුව සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්, ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් සහ ග්‍රන්ථ කතෘවරුන් සඳහා ගෙවන පුරස්කාරවලින් (කර්තෘභාගවලින්) අය කළ සියයට 14ක රඳවාගැනීමේ බද්ද අහෝසි කිරීමට තීරණය කළ බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා අද (6) පැවැසීය.
ඒ අනුව ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ ග්‍රන්ථවල සම්පූර්ණ අයිතිය චිත්‍රපට ප්‍රදර්ශකයකුට හෝ රූපවාහිනි ආයතනයකට හෝ වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමේදී නිර්මාණකරුට ගෙවන මුදල මත අය කරන සියයට 14ක රඳවා ගැනීමේ බද්ද මින් ඉදිරියට අය නොකෙරෙන බව ද අයිවන් දිසානායක මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවැති මාධ්‍ය හමුවකදී කීය.
එසේ වුවත් චිත්‍රපට නිෂ්පාදකයා හෝ ටෙලිනාට්‍ය නිෂ්පාදකයා හෝ ග්‍රන්ථ කර්තෘවරුයා මෙම නිර්මාණ විකිණීමෙන් ලැබෙන ලාභය මත සාමාන්‍ය පරිදි ආදායම් බදු ගෙවිය යුතු වේ.
එහෙත් චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ ග්‍රන්ථ නිර්මාණයක් ප්‍රදර්ශනය කිරීමේ අයිතිය හෝ ප්‍රකාශන අයිතිය හෝ පමණක් පැවැරීම වෙනුවෙන් ගෙවන පුරස්කාරය (කර්තෘභාග) මත සියයට 14ක රඳවා ගැනීමේ බද්ද අය කරන බව ද හෙතෙම කීය. එහිදි තක්සේරු වර්ෂය අවසානයේදී දී ඉදිරිපත් කරන ආදායම් වාර්තාවේ මෙම රඳවා ගැනීමේ බද්ද සඳහා බදු බැර ලබාගැනීමට හිමිකම ඇති බව ද කොමසාරිස් ජෙනරාල් පැවැසීය.
නව ආදායම් බදු පනත ක්‍රියාත්මක වීම බලපානුයේ පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට බැවින් ඊට පෙර ගිවිසුම්ගත මුදල් ගෙවීම් කරන්නේ අප්‍රේල් 01 දිනට පසු දිනයක නම් එම මුදල් මත රඳවා ගැනීමේ බද්ද අඩු නොකළ යුතු බවත් එසේ අය කරගෙන ඇතිනම් එම මුදල් ආපසු ගෙවිය යුතු බවත් කොමසාරිස් ජෙනරාල් කීය.
මෙම බද්ද 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ ද සඳහන් වූ බවත් එහිදි සියයට 10ක බද්දක් අය වූ බවත් කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද කීය.
“මේ බද්ද අලුත් එකක් නෙමෙයි. 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේත් තිබුණු. එහිදි සියයට 10ක රඳවා ගැනීමේ බද්දක් අය කෙරුණා. අලුත් පනතේදී එය සියයට 4කින් වැඩි වෙලා. නව පනත ක්‍රියාත්මක වීමත් සමඟ එම බද්ද නිසි පරිදි ක්‍රියාත්මක වීම තමයි සිදුවුණේ”.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ උපදෙස් දුන් බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කීය.


2025 නොවැම්බර් මස 04
683
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කර්තෘභාග වලින් අය කළ සියයට 14ක බද්ද අහෝසි
gunadasa Thursday, 07 June 2018 12:51 AM
විශ්‍රාමිකයන්ගේ තැන්පතු වලට ගහන බදුත් ඉවත්කරන්නකෝ?
සතයපාල Thursday, 07 June 2018 04:41 AM
නිර්මාණවලට බදු ගහනවා කියන්නේ මිසුන්ගේ චින්තනයට බදු ගහනවා වගේ වැඩක්. ඒක මහා අසාධාරණ වැඩක්.