IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුදුලුණු නඩුවේ පැමිණිලිකරුට තර්ජනය කළ සිද්ධියට විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

ආනයනය කරන ලද සුදුලූණු බහාලුම් දෙකක් අනුමැතියකින් තොරව පවරා ගැනීමේ සිද්ධියට අදාළව වරාය අධිකාරියට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් ඉල්ලා අස්කර ගන්නා ලෙසට එම සිද්ධියේ පැමිණීලිකරුට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ අද (18) කරුණු වාර්තා කළේය.

එන්රිචර් ඉන්වෙස්මන්ට් ලංකා පුද්ගලික සමාගමේ සභාපතිවරයා වශයනේ කටයුතු කරන කමතවත්ත පාර, මාදිවෙල රාජගිරිය ප්‍රදේශයේ පදිංචි එච්. ද්ල්ශාන් අසංක අබේවර්ධන යන අය ඉකුත් 14 වැනිදා මෙම පැමිණීල්ල ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

තමන් ආනයනය කළ එම සුදුලූණු බහාලුම් දෙක වරාය අධිකාරිය විසින් සතොස ආයතයට පවරා ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මස 09 වැනිදා බවට සදහන් කරමින් පැමිණිලිකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිය පැමිණීල්ල ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මස 16 වැනිදා බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සදහන් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව ඉකුත් 10 වැනිදා නාදුනන පුද්ගලයකු තම ජංගම දුරකතනය ඇමතුමක් ලබා ගනිමින් ‘දින 10ක් ඇතුළතදී සියලු නඩු ඉවත්කරගන්නා ලෙසත්, එසේ නොකළ හොත් තමාගේ පවුලේ සියලු දෙනා කපා කොටා මරා දමන බවටත්’ තමන්ට තර්ජනය කළ බව පැමිණීලිකරු සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සදහන් කර තිබේ.



අදහස් (2)

සුදුලුණු නඩුවේ පැමිණිලිකරුට තර්ජනය කළ සිද්ධියට විමර්ශනයක්

Don Wednesday, 19 January 2022 07:07 AM

ඕකෙ දුරකථන සංවාදය තියෙනවනේ... ඉක්මණට දුරකථන අංකය ඉල්ලගෙන අදාළ පුද්ගලයාව අල්ලගෙන කටහඬ පරීක්ෂාවක් කරලා විස්තර දැනගන්න ක්ෂණිකව පුළුවන්නේ...

:       0       1

sharm warn Wednesday, 19 January 2022 09:34 AM

මේ කතාවේ බලවත් හස්ත දෙක මුලදිම හෙළිවුණානේ.. එහෙනම් ඔය කියන ඇමතුම එන්න ඇත්තේත් ඔවුන් දෙන්නාගේ අනුදැනුමෙන්ම තමයි. ඕවා ඉතින් පොලීසියට, සී.අයි.ඩී. එකට එහෙම තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාව වන අපිට සක්සුදක් සේ පැහැදිලිව පෙනුණාට...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site