(ප්‍රියානි මංගලිකා)
කොටවෙහෙර ප්‍රදේශයේ දී 13වියැති දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට රිමාන්ඩ් බාරයේ සිටි ග්‍රාම නිලධාරිනිය සහ ඇගේ සහෝදරිය සහ දැරියගේ සුළු මව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහරින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද(13)නියෝග කළාය.
ඔවුන්ට ලබන 26 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසද, සිද්ධිය සම්බන්ධයෙන් දැනට ළමා නිවාසයක රඳවා සිටින අගතියට පත් දැරිය තවදුරටත් එම ළමා නිවාසයේම රඳවා තබන ලෙසද ඇය නියෝග කළාය.
මෙලෙස ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ, කොටවෙහෙර , අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිනිය වන ඩී.එම්.මානෙල් රත්න කුමාරි සහ ඇගේ සහෝදරිය මෙන්ම දැරියගේ සුළු මව වන ඩී.එම්.නිල්මිණි රත්න කුමාරි යන දෙදෙනාය.
සාක්ෂි කරුවන්ට, දැරියට හෝ පරීක්ෂණ කටයුතුවලට කිසිඳු බලපෑමක් නොකරන ලෙසද ,එසේ කළහොත් ඇප අවලංගු කර, යළි බන්ධනාගාර ගත කරන බවටද , සැකකාරියන්ට අධිකරණයෙන් තරයේ අවවාද කෙරිණි.
නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එල් අමරකෝන් මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කහඳවල මහතාගේ මෙහෙයවීමෙන්, ළමා හා කාන්තා කාරියාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධිකා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවූහ.
කොටවෙහෙර පොලීසිය නඩුව පවරා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
254
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටවෙහෙර දැරියට පහරදුන් ග්‍රාම නිලධාරිනියට-සුළු මවට ඇප
sumith Thursday, 13 February 2020 07:49 AM
ඉවරෝ.... ඉවරෝ..., මහසෝන් මාලිඅම්මලා දෙන්න ඔන්න එලියට ආවෝ.... කොටවෙහෙරේ මිනිස්සුනේ පරිස්සමින්...