සමාජ .මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයියතුල්ලා උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
හලාවත ඇති වූ අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු සියලු දෙනා දුක, කනගාටුව සහ ශෝකය බෙදාගැනීම අත්‍යවශයෙන්ම කළ යුතු බවත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
බොහෝ දෙනා මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් සහ තරහෙන් බලන මොහොතක මුස්ලිම් ප්‍රජාව වෙනදාටත් වඩා තමන් කරන කියන දෑ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතු බව ද එම සංවිධානය සිය නිවේදනයෙන් මගින් ඉල්ලා සිටී.
හලාවත ඇති අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ ක්‍රියාව හෙළා දකින බවත් රටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට තිබෙන්නේ සාමය සහ ඉවසීම බවත් එය දුෂ්කර වුවත් තිබෙන එකම මාර්ගය එය බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
(055)
COMMENTS
වැඩේ වණ වුණාට පස්සේ වැඩක් නැහැ. ඕවා කියලා අැයි බැරි කියන්න මුස්ලිම් ත්‍රස්තවාදයට සහාය දුන් මැති අැමතිලා අත්අඩංගුවට ගන්න කියලා... එ්ක ඔයාලා කරන්නේ නැහැනේ...
ශ්‍රි ලාංකිකයන් හැටියට එකිනෙකා ගහ මරාගෙන මොනවා ලබන්නද? මේවා ඔක්කොම වැරදි රජයේ. ඕනෑම දියුණු රටවල් වල උවද මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්නේ නෑ. මිනිසුන්ගේ සහ ජීවනය හදලා තියෙන්නේ රටේ බුද්ධි අංශ සජීවී කෙරිමත්, රටටම එක නීතියක් තදින් උස් පහත නැතිව ක්‍රියාත්මක වීමත් නිසයි. ඒ සදහා අපි හැමෝම පාලකයන්ට බලපෑම් කිරිමයි කරන්න ඕනි. ගහමරාගෙන මොනවා ලබන්නද ?
ලාංකීය මුස්ලිම් මිනිසුන් තවම නිවැරදි මාවතේ නැත. ආක්‍රමණශිලි මනස, ගෝත්‍රික අදහස් අතහැර එකම නීතියක, එකම රටක එක සංස්කෘතිකයකට නතු නොවුණහොත් මොවුන් සමාජයේ හුදකලා වනු ඇත.
මොන ඉවසීමක්ද? කොච්චර කීවත් වැඩක් නෑ. පල්ලි වලින් ගම් 7, 8 කටම ශබ්ද දුෂණයෙන් ගම්මු ඉවසුවට මේ අයගේ සමහරු පොදු නීතියක් ගණන් නොගනී, ඔය පන්සලිනුත් පිරිත් දාන්න පටන් ගත්තේ මේක තනිකරම අරාබියක්ම වගේ වුණු නිසා, ආගමික ස්ථානයක් නිහඩ බවක් තිබිය යුතුයි.
සමාජයේ අන්තවාදී කොටස් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මෝඩ මිනිස්සු බොරුවට ගහ ගන්නවා. අවුරුදු 30 යුද්දෙන් අපි දුක් වින්ද මදිද.
සිරස්තල වල සහ කන්ටෙන්ට් වල "වරු" යයි භාවිත කරන්නේ ඇයි? සිංහලවරු කියලත් කියන්න...
නුඹලා ඉවසුවත් එකයි, නැතත් එකයි. අපි සීමාව පැන්නොත් තමයි ප්‍රශ්නය...
කව්රු මොනවා කීවත් මෙවන් ප්‍රකාශ තුලින් ගැටුම් නිර්මාණය වීම දශමයකින් හෝ වැළකෙනවා ..
මෙම අවස්ථාවේ අප සියලුදෙනා ඉතාමත් බුද්ධිමත්ව නිවැරදි තීන්දු ගැනීම අත්‍යවශ්‍යයි. සොයා ගැනීමට ලැබෙන පුහුණු කඳවුරු, අවි ආයුධ ගැන සිතා බලනවිට මෙය 150 කගේ සංවිධානයක් නොව ඊට වඩා හොඳ සංවිධානාත්මක, සහ පුහුණුවූ පුද්ගලයින් රට පුරා සිටිය හැකි අතර, මෙතරම් මුදල් සම්භාරයක් වියදම් කර නායකයා දිවි නසාගනීවියි සිතිය නොහැක. මේ ගැන මුස්ලිම් සමාජය නොදැන සිටි බව පැවසීමද ලොකුම බොරුවකි. මොනයම් හෝ හේතුවක් නිසා සහරාන් මේ ප්‍රහාරය මේ අවස්ථාවේ එල්ල කිරීම මගින් මුස්ලිම් අන්තවාදීන්ගේ සියලුම අනාගත සැලසුම් ඔවුන් නොසිතු ආකාරයෙන් බිඳ වැටීම සහ එලිවීම පිළිබඳව ඔවුන් පසුතැවෙනවා ඇත. බොහෝ මුස්ලිම් නායකයන්ගේ ප්‍රකාශ අනුව ඔවුන් බොරු කරන බව පැහැදිලිවම පෙනේ. එම නිසා අප කලබල නොකර ආරක්ෂක අංශ වලට ඔවුන්ගේ රාජකාරිය හොඳින් ඉටු කර ගැනීමට ඉඩදී, රටට එක නීතියක් සම්මත කිරීම, නොගැලපෙන අධ්‍යාපන ආයතන තහනම් කිරීම, රජයක් පිහිටුවීම සඳහා සුළුජාතීන්ගේ සහය අවශ්‍ය නොවන ආකාරයේ ඡන්ද ක්‍රමයක් සැකසීම වැනි ක්‍රම තුලින් මොවුන්ගේ බලය හීන කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජයට බලකිරීම සියලුම රට වැසියන් විසින් කල යුතුම දෙය බව මම සිතමි,