IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කම්කරුවා වෙනුවෙන් තැන තැන රැළි සහ පෙළපාලි

(ඩයනා උදයංගනී, මුදිතා දයානන්ද සහ නිමල කොඩිතුවක්කු)

ජාත්‍යන්තර කම්කරු දිනය  නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ මෙන්ම විවිධ වෘත්තීය සමිති, කම්කරු සංවිධාන විසින් ද මැයි දින පෙලපාලි සහ මැයි රැලි ගණනාවක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති හා අනුබද්ධ සංවිධාන එක්ව පවත්වන මැයි දින සැමරුමක් එම පක්ෂ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් නුගේගොඩ, ආනන්ද සමරකෝන් රංග පීඨයේදී අද පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.

මෙරට ප්‍රධාන විපක්‍ෂය වන සමඟි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දීය. ඒ එහි නායක සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ජන පීඩකයින් එලවන ජන බලවේගය” යන තේමාව යටතේ ඉකුත් 26 වැනිදා මහනුවරින් ඇරඹුණු පා ගමනේ සයවැනි දිනය වන අද (1) දිනයේදී කොළඹට පා ගමනින් පැමිණෙන පිරිස ද මෙම මැයි දින රැලියට සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මැයි දින සැමරුම් උත්සවය කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දීඅද උදෑසන ආරම්භ විය. මීට අමතරව මෙවර මැයි දිනයේදී රට පුරා ප්‍රධාන නගරවලදී ආණ්ඩු විරෝධී විරෝධතා මාලාවක් ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් සංවිධානය කර ඇත.

ජනතා විමුක්ති මෙවර මැයි රැලි 4ක් සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන මැයි දින රැලිය පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක සහ කේ.ඩී ලාල්කාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, කොළඹ කොටුවේදී අද (1) පස්වරු 3.00ට පැවැත්වේ.

එහි මැයි දින පෙළපාලිය මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භවීමට නියමිතය.

‘ජනපීඩක ආණ්ඩුව පන්නමු -- ජනතාවාදී පාලනයක් ගොඩනගමු’ යන්න මෙවර එහි මැයි දින තේමාව වන අතර, අනුරාධපුරය, මාතර සහ යාපනය නගරවලදී ද මැයි රැලි පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත.

එහි අනුරාධපුර දිස්ත්‍රික් රැලිය පක්‍ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00ට පැවැත්වෙන අතර, එහි පෙළපාලිය අනුරාධපුර 2 කණුව අසලින් ආරම්භවීමට නියමිතය.

ජ.වි.පෙ මාතර දිස්ත්‍රික් රැලිය පක්‍ෂ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර උයන්වත්ත ක්‍රීඩංගණයේදී පස්වරු 3.00ට පැවැත්වෙන අතර, පෙළපාලිය ආරම්භ වන්නේ හිත්තැටිය විහාරස්ථානය අසලිනි.

එහි යාපනය දිස්ත්‍රික් මැයි රැලිය පක්‍ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ පක්ෂ මධ්‍යම කාරක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එක්සත් ජාතික පක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එම පක්ෂය පවසයි.

මේ දේශපාලන පක්ෂ වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොවන හෙයින් ජනතාවගේ පොදු අරගලය වටා සියලු ජනතාව ඒකරාශි විය යුතු බවත්, ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තරුණ බලවේගය මැයි 1 දා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග එක්ව මැයි දිනය සැමරීමට නියමිත බවත් එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැයි දින රැලිය ද කොළඹ දී අද පස්වරුවේ පැවැත්වේ.

ජාතික නිදහස් පෙරමුණේ මැයි දින සැමරුම, එහි නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ‘අපේ ගම‘ පරිශ්‍රයේදී සවස 3:00ට පැවැත්වේ.

“අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට, රට අස්ථාවර කිරීමට, ආණ්ඩුවේ නොහැකියාව ජනතාව මත පැටවීමට එරෙහිව අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට බල කෙරෙන අධිරාජ්‍ය විරෝධී මැයි රැලිය” යන්න එහි තේමාව වී තිබේ.

නිර්පාක්ෂික වැඩ කරන ජනතා මැයි දින රැලියක් මෙවර ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දී ද පැවැත්වීමට නියමිත අතර එය පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතය.

මීට අමතරව ඇතැම් වෘත්තීය සමිතිද තම කාර්යාලවල දී කම්කරු දින සැමරුම් හා පෙළපාලි

සංවිධානය කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට

ශ්‍රී ලනීපය යක්කල (තිලකරත්න දිසානායක)

 

මාතර පැවැති විරෝධය (ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ලංකා කම්කරු සමරුම කොටගලදී (රංජිත් රාජපක්ෂ)

 



අදහස් (4)

කම්කරුවා වෙනුවෙන් තැන තැන රැළි සහ පෙළපාලි

Bamunuarachchi Sunday, 01 May 2022 07:11 PM

මේවා අහලා පණ පලයන් පෙරේදා කිව්වාලු... රටේ හිටිය ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ, කර්මාන්තකාරයෝ රටින් පන්නගත්ත ජෙප්පෝ පෙළපාලි වල කියනවා ව්‍යාපාරිකයින් අනතුරේ කියලා... ව්‍යාපාරවල වැට් බද්ද අඩුකළාම මහ ජෙප්පා කිව්වේ ව්‍යාපාරිකයින් පොහොසත් කරන්න වැට් බදු අඩුකළා කියලා...

:       4       7

රටවැසියා Monday, 02 May 2022 12:00 AM

මේ කුඩා ළමුන් දෙන්නාව පෙළපාලි අරන්‍ යන්න තරම් ඒ දෙමාපියන් මෝඩද? ඒකෙන්ම පේනවා නේද දරුවන්ට දෙන ආදර්ශය..? මේ දරුවන් එක්කරගෙන යන පියා එයා පොඩිකාලේ එයාගේ දෙමාපියෝත් මේ විදියටම එයාව පෙළපාලිවල එක්කරගෙන යන්න ඇති... ඉතින් ඒක එයාගේ දරුවන්ට දායාද කළා කියලා හිතමු..!

:       2       5

චන්දන Monday, 02 May 2022 07:21 AM

ළමා කම්කරුවන් ඉන්න පාටයි. කුඩා ළමයින්ද මේවාට යොදා ගැනීම පිළිකුල් සහගතයි.

:       2       6

විජේ Monday, 02 May 2022 06:01 PM

"අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙනි රටවල් නැගුණේ... ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ..." අවුරුද්ද පුරාම කම්කරුවා කඩේ යවලා, මෙදාට ඇවිත් තමන්ගේ අනාගතය වෙනුවෙන් බෙරිහන් දෙන අවස්ථාවාදීන්... එජාපෙ නම් දූවිල්ලක්වත් ඉතුරු නොවන හැඩයි. රනිල් රාජපක්ෂලා වෙනුවෙන් ගෝඨා ගෝගමත් නැතිකරන හැඩයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 845 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 965 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 390 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site