IMG-LOGO

2023 දෙසැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


රන්ජන්ගේ ආරක්ෂාවට තනි සිරමැදිරියක රඳවයි

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

"සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට ආරක්ෂාවක් නෑ කියලා . අපි පසුව වහාම රංජන් රාමනායක මහතා තනි සිරකුටියක රඳවා තැබීමට කටයුතු කළා.’යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

අද (24) ගාල්ල බූස්ස  අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී මෙලෙස කීය.

තමා මෙම අමාත්‍යංශය භාර ගන්නා විට බන්ධනාගාරවල රැඳවියන් 30 දාහක් සිටී නමුත් එම ප්‍රමාණය 19,000 ක් දක්වා අඩු කිරිමට මෙම කාලය තුළ පුළුවන් වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

බූස්ස බන්ධනාගාරය දැනට අධි ආරක්ෂක කුටි 32 ක් විශේෂිත ගණයේ අපරාධකරුවන් රඳවා තැබීමට තිබෙන බවත් තව මාස දෙකකින් මෙම සංඛ්‍යාව දෙගුණ කර දිවයිනේ සියලුම විශේෂිත ගණයේ අපරාධකරුවන් මෙම බන්ධනාගාරයේ රඳවා තැබීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර තිබෙනබවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය , බන්ධනාගාර කොමසාරිස් ටි.එල් උඩුවරයන මහත්වරු ද එක්ව සිටියහ.



අදහස් (14)

රන්ජන්ගේ ආරක්ෂාවට තනි සිරමැදිරියක රඳවයි

fairoos Wednesday, 24 February 2021 10:22 AM

"බූස්ස බන්ධනාගාරය දැනට අධි ආරක්ෂක කුටි 32 ක් විශේෂිත ගණයේ අපරාධකරුවන් රඳවා තැබීමට තිබෙන බවත් තව මාස දෙකකින් මෙම සංඛ්‍යාව දෙගුණ කර" 225ක් කරානම් හොඳයි.. මොකද වෙන ආණ්ඩුවක් ආවොත් ඔයාලාට ඉන්න ඕනෑ වෙයිනේ...

:       7       58

Senarath Wednesday, 24 February 2021 10:39 AM

මොකද රංජන් කියන්නේ... විදේශ පුද්ගලයෙක්ද? ගිය අවුරුද්දේ උසස්පෙළ ලිව්වේ... කුඩු ජාවාරම් කාරයෝ අල්ලපු රංගජීවට ඔහොම පහසුකම් දෙන්න හිතුවේ නැහැනේ... එයාලගේ ආණ්ඩුව කාලේ බොරු වරදකට පටලවලා හිරේ දැම්මා, කුඩු ජාවාරමුන්ට අවශ්‍ය දෙයක් කරගන්න කියලා.

:       33       158

RuwanWednesday, 24 February 2021 11:36 AM

කතාව ඇත්ත, ඒකනේ බොරු තක්කඩි ඔක්කොම දේශපාලනය කරන්නේ. බලේ තියෙනකම් හිරේ නැහැ. උදාහරණ දෙන්න ඕනෑ නැහැනේ... ඉහළ පුටුවල ඉන්න අයගේ ඉතිහාසය බැලුවාම තේරෙනවා.

:       3       34

Kamal Wednesday, 24 February 2021 11:11 AM

කාවවත් මරපු නැති රන්ජන් ඇතුලේ. 10ක් මරපු පුද්ගලයෙක් එලියේ. ඔන්න ඔහොමයි නීතිය...

:       49       57

Praba Wednesday, 24 February 2021 11:24 AM

සිරකරුවෙකුට ආරක්ෂාව නැතිනම් ඔහුව තනි සිරමැදිරියකට යවනවාද? තනි සිර මැදිරියක දමන්නේ මිනී මැරීම වැනි ලොකු අපරාධ කළ අය නොවේද? මෙවැනි තීරණ ඇමතිවරයාට ගත හැකිද? සජිත් කිව්ව නිසා කළා කියන්නේ සමච්චලයටද? එහෙම නැතිනම් වගකීම සජිත් පිට දාන්නද? මේ සෙල්ලම් කරන්නේ දූෂිත දේශපාලනයට විරුද්ධව හඬ නැගූ මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය සමග නොවේද?

:       21       49

වන්ෂොට් Wednesday, 24 February 2021 11:26 AM

මෙච්චර කාලෙකට "ඔහුගේ දුකසැප බලන්නට පැමිණ ඇත්තේ දිලිප් වෙදආරච්චි මහතා පමණක් බවත් රාමනායක මහතා එහි ඉන්නා බොහෝ සිරකරුවන් අතර යම් ගෞරවයක් දිනාගෙන ඇතිබවත් එ් නිසා ඔහුට නියමිත "බරපතල වැඩ" අතර පිරිසිදු කිරීමේ කටයුතු මූලික වෙන අතර ඊට වැසිකිළි පවිත්‍ර කිරීමද අනිවාර්ය වෙන බවත් එම කටයුතු වලට ඔහු කැමැත්තෙන් ඉදිරිපත් වුවත් අනෙකුත් සිරකරුවන් ඊට ඉඩ නොදෙන බවත් " අන්තර්ජාලයේ පලවී ඇති වාර්තාවක දැක්වෙනවා. ඔහු හිරගෙදර කෑම වේල කැමැත්තෙන් බුදින බවත්, අනෙකුත් සිරකරුවන්ට පිටතින් ලැබෙන ආහාර ඔවුන් ඔහු සමඟ බෙදා ගන්නා බවත් ඔහුට නිදා ගැනීමට මෙට්ටයක් ලබාගැනීමට කොතරම් අවස්ථාවක් ඇතත් බන්ධනාගාරගත වූ දා සිටම ඔහු රාත්‍රියට නිදා ගන්නේ ඔහුට ලද පැදුර බිම එලාගෙන බවත්" එහි සඳහන් වෙනවා.

:       5       50

thilak Wednesday, 24 February 2021 11:36 AM

ඇත්තටම රංජන්ට තනි කාමරයක් දිය යුතුයි.

:       14       27

Bamunuarachchi Wednesday, 24 February 2021 12:25 PM

අනික් අයව ආරක්ෂා කරගන්න පුලුවන් ඔය වැඩෙන්...

:       34       52

බ්‍රාහ්මණවන්සWednesday, 24 February 2021 02:07 PM

හිර ගෙදරට යවන්න ඕනෑ අයව රජ ගෙදරට යවලා,, කරපු හරිය ගැන අමුතුවෙන් නොකීවොත් දන්නෝ දනිති.

:       27       60

පිටරැටියා Wednesday, 24 February 2021 01:05 PM

මිනීමරුවන්, පාතාලකාරයන්, ජනතාව ගසාකාපු දූෂිත දේශපාලකයන්, මහාපරිමාණ හොරු නිදහසේ නිදැල්ලේ. එකම රටක, එකම නීතියක්ලු. ලංකාවේ එහෙම වුණත් එංගලන්තේ එහෙම වෙන්නේ නැහැලු....

:       6       45

සමන්Thursday, 25 February 2021 04:42 PM

5000 හොර නෝට්ටු තොගයක් බැංකුවට ගෙනාව හිටපු දේශපාලකයෙක්ගේ දුව සහ දැන් ඉන්න විපක්ෂ දේශපාලකයෙකුගේ සහෝදරිය වන කාන්තාවක් අත්අඩංගුවට නොගෙන බේරලා ඇරිය වෙලාවේ නම් රන්ජන්වත් කතා කරේ නෑ... ඒවත් දූෂිත වැඩ නෙවෙයිද කියලා අපේ විපක්ෂ නායකතුමා ඇතුළු වුණු සැමගෙන් අහන්න කැමතියි.

:       0       0

chandima Wednesday, 24 February 2021 04:43 PM

පව්, අනික් හිර කාරයින් එයාට කරදර කරනවලුද?

:       0       0

saman deshnabandu Wednesday, 24 February 2021 06:51 PM

මෙවන් පිළිකුල් යුගයක් ලක් ඉතිහාසයේ තිබුණේ නැහැ. මහා පරිමාණයේ දූෂිතයෝ අද රජ සැප විඳිනවා. පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් දූෂිතයින්.. මේ අය අද සිටිය යුත්තේ හිර ගෙදරයි. පාලකයෝ සත්‍යයට මෙතරම් බය මොකද? ලොවම පිළිකුලෙන් අපදෙස බලා සිටින බව අමතක කරන්න එපා.

:       0       0

Kumara Thursday, 25 February 2021 08:10 PM

කෝකටත් සිරමැදිරි ලොකුකරලා හදාගත්තොත් තමයි හොඳ...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ දරු උපත් අඩුවෙලා
2023 දෙසැම්බර් මස 07 68 0

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් ඉපදීමේ විශාල වශයෙන් අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව පෙනී යන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන්


වික්ටෝරියා උතුරයි
2023 දෙසැම්බර් මස 07 398 0

මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම මට්ටම දක්වාම පිරී ඇති අයුරු දකින්නට ලැබිණි..


ශ්‍රී ලංකා - රුසියා ආරක්ෂක සබඳතා ශක්තිමත් වෙයි
2023 දෙසැම්බර් මස 07 186 0

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු ආරක්ෂක කවුන්සිලේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා


කෝටි 6ක විශ මත්ද්‍රව්‍ය සීදුවෙන් අල්ලයි
2023 දෙසැම්බර් මස 07 166 0

ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය ත


මන්ත්‍රීවරුන් බයිට් කරන කෙනෙක් ගැන චාමරගෙන් පැමිණිල්ලක්
2023 දෙසැම්බර් මස 07 499 0

මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම්දී සමච්චලයට ලක් කරන( බයිට් කරන) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍


ගිලන් භීක්ෂූන් වැඩ සිටින විහාරයේ විදුලිය කපයි-භික්ෂූහු තෙනමක් අපවත් වෙති
2023 දෙසැම්බර් මස 07 648 0

ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ ⁣හත්දහසකට ආසන්න විදුලු බිලක් න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 977 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 737 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4710 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site