කොරෝනා වයිරසයෙන් අද(18) වනවිට 1,900ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
පුද්ගලයන් 72,000කට වයිරසය ආසාදනය වී තිබේ.
මේ අතර, වයිරසයෙන් හේතුවෙන් විවිධ අවස්ථා අවලංගු කිරීම, නෞකා ගමන්, සංචාරක කටයුතු ආදී දෑ සම්බන්ධයෙන් ලොව පුරා වන අනිසි ලෙස කලබලවීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අප්‍රසාදය පළකරමින් අනතුරු අඟවා ඇත.
වයිසරය ගෝලීය ආර්ථිකයටද මේ වනවිට අනතුරුදායක බලපෑමක් කර ඇති අතර, චීනය එයින් පීඩා විඳිමින් සිටී.
කෙසේවෙතත් වයිරසය පාලනයට චීනය ගෙන යන ප්‍රබල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇඟයුමට ලක්ව ඇත.
මේ අතර, ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සිටින 450දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් මහතා පැවසුවේ, වයිරසය කොයි ආකාරයට වර්ධනය වේදැයි පැවසීමට තවම කාලය පැමිණ නැති බවයි.
(ඒඑෆ්පී)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.