
(සුජිත් හේවාජුලිගේ)
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (31) පැමිණිල්ලක් කළේය.
මෙම තීරණය 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතට ගැනෙන දූෂණ වරදක් බව පවසන ජයසේකර මහතා මෙය විනිසුරුවරුන්ට ස්වාධීන තීන්දු ගැනීමට බලපෑම් කළ හැකි සන්තෝෂමක් ලෙස සැලකිය හැකි බවද පෙන්වා දෙයි.
අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් රජයේ නිලධාරීන් වන හෙයින් නොමනා හෝ නීති විරෝධී වාසියක් විනිසුරුවරුන්ට ලබා දීමට කැබිනට තීරණයට සහභාගි වීමෙන් ඔවුන්ද දූෂණ වරදක් කර ඇතැයි ජයසේකර මහතා එම පැමිණිල්ලෙන් කියා සිටී.
අනාගතයේදී මෙම සංශෝධනයට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් වුවහොත් තමන්ගේම විශ්‍රාම වයස පිළිබඳ තීරණය කිරීමට විනිසුරුවරුන්ට සිදුවීමෙන් නීතිමය සහ හිමිකම් පිළිබඳ ගැටුමක් උද්ගත වන බවද ජයසේකර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කොහොමහරි නතර කෙරුවේ නැත්තම් මට කූරු ගනින්න වෙනවා. මොන ගැටයක් ගහල හරි බේරෙන්න බලනෝ.
මොලේ තෝන්තුවෙච්ච මිනිහෙක් මේ මනුස්සය, කරල තියෙන වැරදි තමන් දන්නව, බොරු බිල් දීල ජනපති අරමුදල් අවභාවිත කල නඩුව ලගදිම එනව, ඒකයි මේ කුලප්පුව
ඔය පැමිණිල්ල බාර දෙන්න යන වේලාවෙම, කූඨ ලේඛන සැකසීම, ව්‍යාජ තොරතුරු ලබාදී ජනාධිපති අරමුදලෙන් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම, ශ්‍රී. ල. නි. පක්ෂයේ අරමුදලෙන් ව්‍යාජ සටහන් සහ බිල්පත් ඉදිරිපත් කර මුදල් වංචා කිරීම සහ පක්ෂ කාර්යාලයේ කොටසක් කුලියට ලබාදී එම කූලී මුදල් වංචා කිරීම යන චෝදනා වලට අත් අඩංගුවට ගත්තා නම් හරි....
අනේ දයා ඔයාට ඔච්චර බය හිතෙන්න හේතුව පැහැදිලි කරන්න බැරිද?
හැට පැනලා හොට බිම ඇනුණු උන්ට ඇමති තනතුරු, ජනාධිපති තනතුරු දෙන්නත් බැහැ කියලා ඔය ගමන්ම ලියවිල්ලක් ඉදිරිපත් කළා නම්?
මෙයාට අල්ලස් කොමිසමට ලගදිම යන්න වෙනව , බොරු බිල්දාල සල්ලි ගත්තට, මෙයා ජයවර්ධන පුර රෝහලේ සිටි අවධියෙ , ජනපති අරමුදලින් සල්ලි ගත්ත වෙලාවෙ
ෙරදි ඇඳගෙනද ගියෙ