IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


අවුරුද්දට පෙර විදුලි අර්බුදය අවසන් කරනවා

(නිමල කොඩිතුවක්කු)
 
පවතින විදුලි අර්බුදය සිංහල දෙමළ අලුත් අවුරුද්දට  පෙර අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
 
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් ඒ සඳහා සහාය දක්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
රවී කරුණානායක මහතා මෙම අදහස් පළකලේ, මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ  නව පාසැල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (03) එක්වෙමිනි.
 
මෙරට විදුලි පද්ධතියට 2010 වසරේ සිට මෙගාවෝට් එකක්වත් ජනනය කිරීමේ ක‍්‍රියාදාමයට එක්වී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා නිසි වෙලාවට තීන්දු තීරණ ගනිමින් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් මගින් ඒ සඳහා අවශ්‍ය විසදුම් ලබා දෙන බවත් සඳහන් කළේය.
 



අදහස් (28)

අවුරුද්දට පෙර විදුලි අර්බුදය අවසන් කරනවා

kumara Wednesday, 03 April 2019 08:15 AM

හොඳයි...........

:       5       3

Sanath KandyWednesday, 03 April 2019 08:58 AM

හොඳයි හොඳයි. අර ගෙනාවා කියන පාවෙන බලාගාරේ අයිතිකාරයාගෙන් ගෙයක් ඉල්ලා ගත්තේ නැද්ද දන්නේ නැහැ. ආ මෙයාගෙන් අහලා වැඩක් නැහැ. නෝනාගෙන් තමයි අහන්න ඕන.

:       5       421

samanWednesday, 03 April 2019 11:36 AM

නොරෙච්චෝලේ පළවෙනි අදියරේ මෙගාවොට් 300 එකතු වුනේ 2011හේදී, තුන්වන අදියරේ මෙගාවොට් 300 එකතු වුනේ 2014 දී. 2010 ඉඳන් 2014 වෙනකන් මෙගාවොට් 900 ක් පද්ධතියට එකතුවෙලා තියනවා. අද විදුලිබල ඉල්ලුමෙන් 50% දෙන්නේ නොරෝචෝලේ බලාගාරයෙන්. 2015 ඉන්දියාව ජපානේ එක්ක හදන්න ගිය සාම්පුර් බලාගරේ මෙගාවොට් 500 නැවතුවේ මේ ගොල්ලෝ තමයි. 2002දීත් ජපානෙන් නොරෝචෝලේ බලාගාරය හදන්න ගිය වෙලාවෙත් ඒක නතරකරලා පුද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ගන්න ගිවිසුම් ගහපු එකේ දෙවනිකොටස තමයි දැන් පෙන්නන්නේ. මේ ආණ්ඩුව කට ඇරියොත් බොරුව තමයි..

:       0       313

BamunuarachchiSaturday, 06 April 2019 11:27 PM

සමන් ඕවා නිකන් කියලා බැහැ මතක හිටින්න නම් හොම්බට දෙකක් ඇනලාම කියා දිය යුතුව ඇත.

:       0       0

hira Wednesday, 03 April 2019 08:29 AM

ඔයා යන තැන ඉවරයි. ගද ගහනවා. අපි පුදුම දුකක් විදින්නේ හලෝ අපේ දරුවොත් එක්ක.ඇමැතියන්ගේ රූප දකිනකොටම පුදුම ආදරයක් ඇතිවෙන්නේ. ඒ වෙලාවට ඒ අයගේ පරම්පරාවත් ටිකක් විතර මතක් වෙනවා.දැන් අකුණු ගහන මාසේ ඇවිල්ලා තියෙන්නේ හරිද .

:       4       649

ලුම්බිණි Wednesday, 03 April 2019 08:30 AM

මෙරට විදුලි පද්ධතියට 2010 වසරේ සිට මෙගාවෝට් එකක්වත් ජනනය කිරීමේ ක‍්‍රියාදාමයට එක්වී නොමැති නම් ඒක කාගේ වරදද?

:       181       106

light bass Wednesday, 03 April 2019 08:35 AM

හරි හරි බොස්... බස්සලා ආවනේ.. දැන් ඉතින් රට ඇතුලේ බලාගාර වහලා මේකෙන්ම සප්ලයි කරයි.. ගන්න යුනිට් ගානටනේ කුට්ටිය කැපෙන්නේ.. මේ පාර ගේ කොහෙන් ලැබෙයිද සර්?

:       1       111

vipula Wednesday, 03 April 2019 08:35 AM

අවුරුද්දකින් අවසන් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපට තේරෙන විදිහට එහෙම වෙන්නේ නැහැ.

:       0       25

Hafeel Wednesday, 03 April 2019 08:39 AM

එහමනං තෑගි ලැබිල ඇති. පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගන්න අවසරත් ලැබුණ නේ. රටේ කරුවලේ වුනත් මෙයා ගොඩ.

:       1       104

palitha Wednesday, 03 April 2019 08:45 AM

තියන්නකෝ තව ඡන්දයක්. අපිටත් පුළුවන් ඔය අර්බුදය අවසන් කරන්නට.

:       1       148

KANDEPOLA Wednesday, 03 April 2019 09:08 AM

ටාගට් කවර් ඇති...

:       0       86

ajith Wednesday, 03 April 2019 09:22 AM

එතකොට 2011 ඉදලා මෙගාවොට් 300 ගානේ 2014 වෙනකන් මෙගාවොට් 900 ක් නොරොච්චෝලෙන් එකතුවුනේ

:       0       100

jayantha Wednesday, 03 April 2019 09:28 AM

මේ පාර මොන මිලේනියම් එකෙන්ද ගෙවල් හම්බවෙන්නේ? ඒක ඉතින් අහන්න ඕනේ නොනාගෙන්නේ. මට අමතක උනා. මට කොහොමත් මතක නැහැනේ. අම්මප ලංකාව විතරයි එකම රට හොරකන් කරන්න කරන්න හොරකම් කරන්න අවස්ථාවන් හදල දෙන්නේ. මේකෙන් පස්සේ මොන අමාත්‍යංශය දේවිද මෙයාට? මෙයා හොඳට දන්නවා පාලනය කරන්න.

:       1       175

Bawantha Wednesday, 03 April 2019 09:55 AM

රෑ 9.00 ඉඳලා 10.00 වෙනකන් අපිට ලයිට් කපනවා. එහෙම කපන්න එපා.

:       0       26

de silva Wednesday, 03 April 2019 09:59 AM

හොඳටම ෂුවර්ද ඔබතුමා දැන් ඉන්න ගෙදර ජෙනරේටර් මාෆියා කාරයකුට හිමි එකක් නොවේ කියලා... ?

:       0       47

sumith Wednesday, 03 April 2019 10:06 AM

ඇමතිතුමෝ අපට මොකුත් එපා... සෝලාපැනල වලට ගහන බද්ද ඉවත් කරන්නකෝ... එතකොට අපි ඒවා අපේ ගෙදරට සවි කරගන්නවනේ... එතකොට ඔය අර්බුදේ ඉවරයිනේ...

:       4       36

kapWednesday, 03 April 2019 01:21 PM

සෝලා කරාට වැඩක් නෑ. කලුවරේ තමයි ඉන්න වෙන්නේ. දැන් තියෙන සිස්ටම් එක අනුව, ඔබගේ සෝලා මගින් නිපදවන විදුලිය, මේන් ග්‍රිඩ් එකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මණ්ඩලයෙන් සුපුරුදු විදිහට විදුලිය සපයනවා. ඔබ පාවිච්චි කරන යුනිට් ගණන සහ නිපදවන යුනිට් ගණනේ වෙනස අනුව බිල වැටෙනවා. නිපදවන යුනිට් ගණන පාවිච්චියට වඩා වැඩිනම්, ඒක ඔබගේ ගිණුමට වැටෙනවා. කැමතිනම්, සල්ලි ගන්න පුලුවන්. ඒත් මොනවාකරත් ලයිට් නැති වෙලාවට අනික් හැමෝම වගේ කලුවරේ ඉන්න ඕනේ..

:       1       8

Amila Wednesday, 03 April 2019 10:34 AM

ගිය තැන ඉවරයි. බටගොඩයටත් නියම කෙනා සෙට් වුනේ.

:       0       57

keppetipola Wednesday, 03 April 2019 11:22 AM

මෙයාගේ පැන්ෂන් ගිය පොලිස් මස්සිනාව සභාපතිකමට දා ගෙන ගජරාමෙට කොමිස් ගහනවා. යන යන හැම රාජ්‍ය ආයතනයක්ම හොරකම් කරලා බංකොලොත් කළා. කුඩුකාරයන්ට ඉස්සෙල්ලා එල්ලන්න ඕනෑ මේ අයව...

:       0       125

Bandara Wednesday, 03 April 2019 11:24 AM

එතකම් අපි ජීවත් වෙලා හිටියොත් හොඳටම ඇති.

:       0       2

de silva berlin Wednesday, 03 April 2019 11:33 AM

සුමිත් මහත්මයා කියන විදිහට බදු නොගහ සොලාපැනල් සවිකරලා අර්බුදය විසඳුවොත්, ඇමතිවරු, නිලධාරියෝ කොහොමද කොමිස් ගහගන්නේ? අර්බුද තිබෙන තරමටනේ ඒ ගොල්ලන්ගේ හොද්ද බොර, නැත්නම් පරිසර හිතකාමී ඉන්ධන අඩුවෙන් දහනය වන, හයිබ්‍රිඩ් රථ වලට අමතර බද්දක් ගහවිද?

:       0       16

Thilina Wednesday, 03 April 2019 01:05 PM

මේ කියන බොරු අර ලක්ෂ 62 කිව්ව නම් හොඳයි .. මොකද හැමෝම තණකොළ කන්නේ නැහැ.. 2010 ඉඳන් මේ වෙනකොට අලුත් බලාගාර කීපයක්ම එකතු වුනා. නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ වගේ ඒවගෙන් මෙගාවොට් 1000ට වැඩිය එකතු වුණා.. කිසිම දෙයක් කරගන්න බැරුව වටේට බැන බැන ඉන්නවා. නොරොච්චෝලේ නැත්තම් අද මුලුරටම අඳුරේ...

:       1       233

Raveendra Wednesday, 03 April 2019 01:32 PM

හුරේ... අපේ රවී අයියාට ජය වේවා!!! හැබැයි අර තමන්ගේ කුඹුරේ තියෙන පැල්කොටේ අමතක වුණා කියලා කිව්වා වගේ මේකත් අමතක කරන්න හිතුවොත් මේ ගොයියාගේ අහිංසක ආදරණීය මෑණියන්දාට සතියේ දවස් හතම කොත්තමල්ලි, පස්පංගුව තම්බ තම්බා බොන්න වෙයි. පව්නේ අහිංසක අම්මෙක්නේ...

:       9       22

Sunil Thursday, 04 April 2019 12:13 AM

ලෝක හොරු

:       0       0

Lal Thursday, 04 April 2019 01:12 AM

ග්‍රහයාගේ වයිෆ්ට අලුත් ගෙයක් හම්බවෙලා ඇති.

:       0       0

Bandula. Friday, 05 April 2019 08:54 AM

අනේ ඇත්තද? දැන් දන්නා බැරි මොකද දන්නේ නැහැ නේද!.

:       0       0

Bamunuarachchi Friday, 05 April 2019 10:09 AM

සියල්ලටම පළමුව කියන්න ඔබ භාරයේ තිබෙන උතුරු කොළඹට ඊයේ විදුලිබලය කප්පාදු නොකෙරුවේ ඇයි කියලා. ඔන්න අදතමයි පළමු වතාවට විදුලිය කප්පාදු කෙරුවේ. හම්බයෝ දෙමල්ලු ඉන්නකම් ඔහේ ඡන්දෙ දිනාවි...

:       0       0

BamunuarachchiFriday, 05 April 2019 03:11 PM

විදුලිය කැපීම පටන් ගත්දා සිට 4-04-2019 වනතුරු උතුරු කොළඹට විදුලිය කප්පාදු කෙරුවේ නැත. අද තමයි දවල් පැයක් විදුලිය කප්පාදු කෙරුවේ. ඒ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 905 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site