IMG-LOGO

“නියඟයෙන් සහල් සැපයුමට බාධාවක් නෑ“

(රොමේෂ් මධුෂංඛ)

පවතින නියං තත්ත්වය කොතරම් බලපෑවද කිසිඳු හිඟයකින් තොරව සහල් ලබා දීමට පියවර ගෙන ඇති බවටත් අගොස්තු සිට රටවල් හතරකින් ආනයනය කරන ලද සහල් බෙදා හැරීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍ය වරයා මේ බව පැවසුවේ වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රික්කවල සිදු කරන ලද සංචාරයකින් අනතුරුව අද (30) මාධ්‍යයට අදහස් දක්වමිනි.

“තායිලන්තය, ඉන්දියාව ,පකිස්තානය හා මියන්මාරය යන රටවල්වලින් සහල් ආනයනය කිරීමට පියවර ගත්තා.එම සහල් අගොස්තු සිට සතොස , සමූපාකාර සහ තොග වෙළෙන්ඳන් හරහා විකීණීමට පියවර ගන්නවා.“

“පුද්ගලික අංශයකටත් සහල් ආනයනය කරන්න අවස්ථාව දීල තියෙනවා.මේ වන විට සහල් වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් ගැසට් කර තිබෙන නිසා තමයි සහල් මිල පාලනය වුණේ.“

“වැටලීම් හා පාරිභෝගික ජනතාවගේ ගැටලු විසඳීමේදී නිලධාරී හිඟයක් තිබුණා.ඒ සඳහා නව උපාධිධාරීන් 200 ක් පමණ බඳවා ගන්න කැබිනට් අවසරයත් ලැබුණා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (6)

“නියඟයෙන් සහල් සැපයුමට බාධාවක් නෑ“

sarath Sunday, 30 July 2017 06:26 AM

සතොස හොරා, සතොසට ගන්නේ එකම එක ගිනිපෙට්ටි ජාතියක් විතරයි .ඒ මොකටද?

:       0       3

karunajeewa Sunday, 30 July 2017 11:18 AM

ලැජ්ජා වෙන්න ඕනේ පිට රටින් හාල් අරන් එනවට... පැහැදිලි දර්ශනයක් නැහැ කෘෂිකර්මාන්තය දියුණු කරන්න.. වැව් පද්ධතිය දියුණු කරන්න උවමනාවක් නැතිකම.. තමයි.

:       0       22

raveendra Sunday, 30 July 2017 11:37 AM

ඔව් ඔව්, එනමුත් කූඩුවලින් නම් අඩුවක් නැහැ.

:       0       27

Senarath Sunday, 30 July 2017 04:48 PM

උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්ලු. හාල් පිටරටින් එනකොට මල්ලිගේ මෝලට තුට්ටු 2 ට වී ටික ගන්නෙත් පුළුවන් , කුඩුකාරයන්ට කුඩු කිලෝ දාස්ගනන් ගෙන්නන්නත් පුළුවන්. අනේ මෙහෙම දේශපාලුවෝ ඉන්න රටක්

:       0       0

rocy Monday, 31 July 2017 12:40 AM

ඔවු, ඉතින් කොමිස් ගහලා පිට රටින් හාල් ගෙන්නන්න පුළුවන් නේ!. මේ රටේ ගොවියාට කෙලා බාපු ජාවාරම්මු ලාබෙට ගත්තු වී ටිකත් කොටලා මාර්කට් එකට දාන්න පුළුවනි. කෘෂි කාර්මික රටක් වුන මෙහි ගෙනයන මේ අමානුෂික හාල් ව්‍යාපාරික ජාවාරම් කාරයින්ට හෙන ගහන්න ඕන!නිපුන නයා, ජරලියා භංඝ වේවා!

:       0       0

arunalu Monday, 31 July 2017 05:03 AM

හාල් ගැනනම් කියන්න දන්නේ නැහැ කුඩු සැපයුම නම් අඩු පාඩුවක් නැතිව සිද්දවෙනවා

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site