( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් පප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් ව මරණ දඩුවම් නියමූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු තමන් එම දඩුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සම් විභාගයේ විත්තියේ දේශන අදින් (05) අවසන් කෙරිණි.
ඒ අනුව නීතිපතිගේ දේශන ලබන 20 සහ 21 දිනට සිදු කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන නලින් පෙරේරා. සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.
අභියාචන විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා , අනූජ ප්‍රේමරත්න , අනුර මැද්දේගොඩ , සාලිය පීරිස් යන මහත්වරුන් පසුගිය දින කිහිපය පුරා විත්තියේ දේශන දැක්වූහ.
ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරැන් ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකාර අභියාචකයින් සිය අභියාචයෙන් කියා තිබිණි
ඒ හේතුවෙන් එම දඩුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔවූහු අධිකරණයෙන් ඉල්ලා සිටී.
COMMENTS
හරි ෂෝක්...!
පව් අනේ මේ නොදරුවෝ..............
අධිකරණයේ ස්වාධීනත්වය අහියෝගයට ලක් කරන නඩු විභාගයක් විදියට මේ නඩු විභාගය හදුන්වන්න පුළුවන්. මෙම නඩුවේ තින්දුවේ ස්වහාවය අනුව ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසයේ හා ගෞරවය රදා පවතිනු ඇත.
දැන් මේ කරන්නේ ඉහල උසාවියෙන් දුන් තීන්දුවට ජනාධිපති නීතිවේදීන් කියන පිරිසක් විසින් අභියෝගයට ලක්කිරීමක් ............. මෙම නඩුව සාදාරණ සැකයෙන් තොරව ඔප්පු කර අවසානයි .එම නිසා එම තීන්දුවම කියා ප්‍රකාශිත විය යුතුයි .
භාරත ලක්ෂ්මන් එතන හිටිය හැමෝටම වෙඩි තියල තමන්ටත් තියාගෙන මැරුණ කියල තමයි නීතීඥයෝ ව්‍යංගයෙන් කියන්නේ.