(නිමන්ති රණසිංහ)
කොළඹදී ළමයින් 11 දෙනකු පැහැරගැනීම සම්බන්ධ නඩුවට අදාළව නාවික හමුදාවේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා යටතේ සේවය කළ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(29) නාවික හමුදාපතිවරයාට නියෝග කළාය.
නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු සැකකරුවන් 7 දෙනා අද අධිකරණයේ පෙනී සිටි අතර අදාළ නඩුව දෙසැම්බර් 13වැනිදා තෙක් කල් තැබිණි.
COMMENTS
සින්නයියා මහතා නිල නිවසේ පදිංචියට යාමටත් පෙරම විශ්‍රාම යැවීමට, අර කබල් රෂියන් නැව් ගනුදෙනුවට විරුද්ධ වීම වාගේම මේ ඉහත දැක්වෙන නඩු විභාගයත් හේතු වුණා කියලා මට හිතෙනවා...... එතුමා තනතුර භාරගත් විට, සැබෑ රණවිරුවන්ව ආරක්ෂා කරන බවටත් , නිල ඇඳුමට මුවා වී අකටයුතුකම් කළවුන් ආරක්ෂා නොකරන බවටත් ප්‍රකාශ කළා නේද ???
ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නියෝගයක් ගන්න...... මුකුත් දෙන්න අවශ්‍ය නැහැ කියල. නඩුව ඉවරයි......
රණවිරු හම පොරවාගෙන කරපු හැම අපරාධයක්ම සොයන්න.
කොටින්ට දීපු පොරොන්දු නම් හරියට ඉටු කරන එකටද "යහපාලනය" කියන්නේ?