(ඉන්දිකා රාමනායක)
මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට කලහාකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර වු බව පොලිසිය කියයි.
මෙලෙස බාර වී ඇත්තේ වැඩ තහනමට ලක් වු පොලිස් කොස්තාපල්වරයකු වන වාද්දුවේ පදිංචි ප‍්‍රගීත් චානක ගුණතිලක නැමැත්තා වන අතර බාර වීමෙන් පසු සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසු අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු...
වැඩ තහනම් කරලා තියෙන්නේ පොලිස් රාජකාරි කරන්න එපා කියලනේ. අනාථ ළමයින්ට ගල් ගහන එක ඒකට අයිති නැති නිසා හිතන්න ඇති එවැනි පින්කමක් කර ගන්න.
එතකොට මේ සිද්ධියට මාට්ටු වෙලා පොලිසියට භාර නොවී, හැංගිමුත්තන් කරමින් සිටින හාමුදුරුවෝ තවම කැලෑවෙන් එළියට ඇවිත් පොලිසියට යන්න හිතුවේ නැද්ද ?