IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මස්කෙළියේ මන්ත්‍රීවරියක් සඟවාගෙන යැයි ගැටුමක්

(රංජිත් රාජපක්ෂ)


මස්කෙළිය  ප‍්‍රාදේශිය සභාවේ  සභාපති  හා උප සභාපතිවරයා තේරීම සඳහා අද (28)  පැවැති  ජන්ද විමසීමේදී සභාවේ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක්  ඇති විය.

එක්සත් ජාතික පක්ෂයෙන්  සභාවට තේරි පත්වි ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතුවෙන්  ඇය ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින්  සඟවා ඇති බව  එක්සත් ජාතික පක්ෂයේ පලනි දිගමිබරමි මහතාගේ ආධාරකරුවන්ගෙන් එල්ල වු  චෝදනාවක් සමඟ මෙම  ගැටුම්කාරී තත්ත්වය උද්ගත විය. 

ඡන්දය පැවැත්වෙන ස්ථානයට හා පොලීසියට ගල්  මුල් ප්‍රහාරද එල්ල වීමෙන්  තත්ත්වය පාලන කිරීම සඳහා කැරලි මර්ධන ඒකකය කැඳවීමට පොලීසියට සිදු විය.

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ප්‍රධානත්වයෙන් උදෑසන  10.30 මස්කෙළිය අම්බාල් ශාලාවේදී  මෙම ඡන්ද විමසීම පැවැත්වු අතර  එහිදී  ලංකා කමිකරු කොංග‍්‍රසයේ හා ස්වාධීන කණ්ඩායමක සහයෝගය මත සභිකයන් අටදෙනෙකුගෙන් සමන්විත මස්කෙළිය ප‍්‍රාදේශිය සභවේ සභාපතිනිය ලෙස ලංකා කමිකරු කොංග‍්‍රසයේ සෙමිබගවල්ල මහත්මියගේ  නම යෝජනා කෙරිණි. 

අනතුරුව   සභාපති ධුරය සඳහා වෙනත් කිසිවකුගේ නම්  ඉදිරිපත් නොවීමෙන්    සෙමිබගවල්ල මහත්මිය සභාපතිනිය ලෙස තේරිපත්  වුවාය. උප සභාපති ලෙස  එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ  පෙරියසාමි ප‍්‍රදිපන් මහතා  පත් විය.   

එම පත් කිරීම් සිදු කිරීමත් සමඟ  ඇතිවු ගැටුම්කාරී තත්ත්වය මුල් කරගනිමින්  සභාව දැඩි උණුසම් මුහුණුවරක් ගත්තේය.

මේ වන විට ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

ඡායාරූප - ගාමිණී බණ්ඩාර

 

ඡායාරූප - රංජිත් රාජපක්ෂ



අදහස් (4)

මස්කෙළියේ මන්ත්‍රීවරියක් සඟවාගෙන යැයි ගැටුමක්

hira Wednesday, 28 March 2018 06:46 AM

ජනතාවට සේවය කොරන්න මේ අය විදින දුකක්.

:       0       45

Hafeel Wednesday, 28 March 2018 07:12 AM

කලින් පැවතී මනාප ඡන්ද ක්‍රමයෙන් ආධාරකරුවන් අතර ගැටුම්. හැබැයි දැන් පවතින ඡන්ද ක්‍රමයෙන් මන්ත්‍රීවරු අතර ගැටුම්. කෙසේවෙතත් පවතින ක්‍රමය හොඳයි කියන්නොන මන්ත්‍රීවරු අතර ගැටුම් නිසා.

:       0       60

lalithsjm Wednesday, 28 March 2018 07:28 AM

අපි මොනාද කරන්නේ හැමදාම වැඩ කරනවා අඹු දරුවෝ බලා ගන්නවා එත් මේ උත්තමයන් රටට කරන සේවය අපිට හිතා ගන්නවත් පුලුවන්ද ?

:       0       6

Aslam Wednesday, 28 March 2018 09:28 AM

තමාට පෙර රට යන පදනම මත සේවය කරන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site