(ඩයනා උදයංගනී)
මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධ නඩුවට විමර්ශන කටයුතු කළ නිලධාරීන් මාරු කර ඇත්තේ දැනට හෙළිවී ඇති යම් යම් කරුණු යටපත් කිරීමට ද යන සැකය මතුවන බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක, එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසීය.
වසර හතර හමාරක් තිස්සේ එම සිද්ධියට පරීක්‍ෂණ කළ නිලධාරීන් ඉවත් කිරීම ගැටලූවක් බව කී මන්ත‍්‍රීවරයා ඔවුන්ගේ සහය යළිත් ලබාගනිමින් වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති පරිදි නීතිය සැමට සමාන නම් එය ක‍්‍රියාවෙන් ද පෙන්විය යුතු බව අලවතුවල මහතා කීවේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් පසුගිය වසර හතර හමාරක් පුරා විමර්ශනය කළ නිලධාරීන් ඉවත් කර අලූත් නිලධාරීන් පත්කර තිබීම ගැන මහේස්ත‍්‍රාත්වරයාගේ අවධානය යොමුව තිබීම වැදගත් කරුණක් බව කී අලවතුවල මහතා එම සිද්ධියේ දී අධිකරණයේ ස්වාධීනත්වය යළිත් තහවුරු වූ බව ද කීවේය.
අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමේ ශක්තිය ලැබුණේ වත්මන් රජය නිසා නොව පසුගිය රජය ගෙන ආ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘නිලධාරීන් මාරු කළේ හෙළිව ඇති කරුණු යටපත් කිරීමටදැයි සැකයි’
Sanath Kandy Tuesday, 18 February 2020 09:22 AM
අවුරුදු 5ක් තිස්සේ මෙයාලා මේවා හමස් පෙට්ටියේ දාගෙන ඉඳලා දැන් බයිලා කියනවා. දෙගොල්ල හවුලේ මේ රට මංකොල්ල කනවා. මෙයාලා රට ණය උගුලක හිරකරලා ඒවා ගෙවන්න මිනිස්සු මැරී මැරී බදු ගෙවන්න ඕන. පව් අපේ රටේ මිනිස්සු. වහල්ලු වගේ මාරුවෙන් මාරුවට මේ දෙගොල්ලටම.
KANDEPOLA Tuesday, 18 February 2020 09:46 AM
අනේ පින් සිද්ධ වෙයි මන්ත්‍රීතුමා තවත් රට්ටු හිනස්සන්නේ නැතුව ඉන්න.
Mahee Tuesday, 18 February 2020 10:43 AM
"විමර්ශන කටයුතු කළ නිලධාරීන් මාරු කර ඇත්තේ දැනට හෙළිවී ඇති යම් යම් කරුණු යටපත් කිරීමට ද යන සැකය මතුවන බව". මොනවා? ඔය මහත්තයට සැකද? අපට නම් කිසිම සැකයක් නෑ.
රොෂාන් Tuesday, 18 February 2020 04:33 PM
ආයේ ඉතින් මොනාද සැක කරන්නේ?නිලධාරීන් මාරුකලේ පරීක්ෂණ යට ගහන්න තව ටික දවසකින් චුදිතයින් සියලුදෙනාම නිදොස් කොට නිදහස් කරනවා කාටද, ආඩම්බර? මාරම ජොලි සමයක් අපට ආවේ. අර අපේ හිතවත් මුස්ලිම් සහෝදරවරු සමග වුණත් මාර බැඳීමක් දැන් නම් තියෙන්නේ. ගෙදර ගෑනිව වුණත් දෙනවා තියන ෆිට් එකට