IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ලංසියාගේ‘ සොහොනට මල් ඉසීමට ගෙනැවිත් තිබූ ඩ්‍රෝන යානයක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

පොලිස් වෙඩි පහරින් මියගිය ‘ගෝනාකෝවිලේ රොහා‘ විසින් මහර අධිකරණය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ සුරේෂ් අසංක නොහොත් ‘ලංසියාගේ‘ සොහොනට මල් ඉසීම සඳහා රැගෙන විත් තිබූ ඩ්‍රෝන යානයක් පොලිස් භාරයට ගත්බව දෙහිවල පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරක්  මත පොලිසිය මෙම ඩ්‍රෝන  යානය අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම ඩ්‍රෝන යානය ගුවන් ගත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබාගෙන නොතිබූ බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් මුලින්ම පෞද්ගලික ආයතනයකට අයත් හෙලිකොප්ටර් යානයකින් මල් ඉසීමට සැලසුම් කර ඇති අතර පොලිසියට ලද තොරතුරකට අනුව එය නැවැත්වීමට කටයුතු කර ඇත පසුව ඔවුන් ඩ්‍රෝන යානය යොදා ගෙන ඇත.

ගොනාකෝවිලේ රොහා කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය පසු ඔවුන් එයට ප්‍රීති ඝෝෂා කරමින් සැමරුම් සංවිධාන කර තිබිණි. 

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (6)

‘ලංසියාගේ‘ සොහොනට මල් ඉසීමට ගෙනැවිත් තිබූ ඩ්‍රෝන යානයක් අත්අඩංගුවට

ලුම්බිණි Saturday, 26 September 2020 08:53 AM

සොහොනකට මල් ඉසින එක නීතිවිරෝධී වැඩක්ද?

:       15       9

PereraSaturday, 26 September 2020 06:48 PM

මෙතුමා කර තිබෙන ජාතික මෙහෙවර වෙනුවෙන් මල් ඉහින වැඩේ නතර කරපු එක හරිම වැරැදියි.

:       0       1

BamunuarachchiSunday, 27 September 2020 06:09 AM

මේගොල්ලෝ මල් ඉසිනකොට මෙයාගේ මරණෙට අවොත් මරණවා කියන පාතාලයෝ ක්‍රියාත්මක වුනොත් ඒවා බලාගන්නේ කවුද.?

:       0       0

suddaSunday, 27 September 2020 10:39 AM

පොලිස් අවසරයක් නැතුව ඩ්‍රෝන පාවිච්චිය තහනම් බව තාම දන්නේ නැද්ද​? ඔයාට ලන්සියා බැරිනම් ඔයාගේ ඕනා දේකට මල් හරි ඔයාට ඕන වෙනදෙයක් හරි හලාගන්න. හැබැයි මෙතන අපරාධකාරයින්ට මුට්ටිය අල්ලන එක නම් හරි නැහැ ඔයාගේ දේශපාලන මත නිසා.

:       0       0

rohitha perera Saturday, 26 September 2020 09:47 AM

ලංකාවේ ජනගහනයෙන් ගැහැණු වැඩිපුර ඉන්නේ. පිරිමි ජනගහනය බොහොම අඩුයි. මේ ඉන්න අයත් දැන් එකා දෙන්නා මරාගෙන යනවා. මේකට ආණ්ඩුවක් මොකටද? කුඩු මුදලාලිලා රජකරනවා. දෙයියෝ සාක්කි...

:       8       9

BamunuarachchiSunday, 27 September 2020 06:15 AM

මෙතන අදහස් දාන මිනිසුන්ට පාතාලයෝ ගැන පුදුම අනුකම්පාවක්නේ තිබෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site