Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 26 වන ඉරිදා
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රේමලාල් ජයසේකර හෙවත් 'චොකා මල්ලී' අගෝස්තු 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සහභාගී වීම සඳහා බන්ධනාගාර අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ඉල්ලීම බන්ධනාගාර මූලස්ථානය වෙතින් අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකර ඇති අතර, අමාත්‍යංශයෙන් ලැබෙන අනුමැතියට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු යාමට වරම් ලැබෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ 'වයිඕ' ශාලාවේ දැඩි ආරක්ෂාව සහිත ස්ථානයක ඔහු රඳවා සිටී.
සිය දඬුවමට එරෙහිව ඔහු දැනට අභියාචනාවක් ඉදිරිපත් කිරීම නිසා රිමාන්ඩ් සැකකරුවකු ලෙස සැලකෙන බවත්, ඔහු රිමාන්ඩ් සිර මැදිරියක රඳවා තැබිය යුතු බවත් පැවසේ.
එහෙත්, ආරක්ෂාව ගැන සලකා ඔහු තවදුරටත් 'වයිඕ' ශාලාවේ විශේෂ ස්ථානයක රඳවා සිටින බවද වාර්තා වේ.
පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මොහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප 142,037ක් ලබා එහි දෙවන ස්ථානයට තේරී පත්ව සිටී.
හරි වෙනස් Wednesday, 12 August 2020 08:56 AM
ලංකාව කියන රටේ පමණි මෙහෙම දෙයක් වෙන්නේ, මිනිහෙක්ම මරලා, ඒකට මරණ දඬුවම නියම වෙච්ච හිරේ ඉන්න අය ඡන්දෙ ඉල්ලලා, ඊට පස්සේ පාර්ලිමේන්තුවට යන්නේ. අනේ මන්දා, අනික් රටවල්වල නම් පාර්ලිමේන්තු මන්ත්‍රීලා පොඩි අත් වරදක් වුණත් වගකීව යුතුව ඉල්ලලා අස්වෙන්න ඕනේ. සිස්ටම් එකේ මොකක් හරි වරදක් තියෙනවා.
Reply : 37 701
Nuwan Wednesday, 12 August 2020 10:40 AM
සිස්ටම් එකේ නෙමෙයි වැරැද්ද... බලයට පත්වෙන ඉහළම පුටුවල ඉන්න අයගේ නොමනාකම් නිසා තමයි මෙහෙම වෙන්නේ.. පවුල් පාලන නඩවලින් පිරුණු තැනක් තමයි ලංකාව...
Reply : 0 273
Nuwan Wednesday, 12 August 2020 12:56 PM
නඩුවක් ඉවරවෙනකන් අපරාධකාරයෝ ඇප පිට එළියේ. කුඩු රජාල එළියේ ඉන්නේ එහෙමයි. ඇපීල් දාලා වරෙන්තු කැන්සල් වෙනකන් අපරාධකාරයින් හැන්ගිලා ඉන්නවා. මෙයා වුණත් ඇපීල් දාපු නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බෑ. නමුත් ඔහුට එරෙහි තීන්දුව බල රහිත වෙනවද?
Reply : 0 10
බද්රානි Wednesday, 12 August 2020 09:30 AM
ඔබතුමාගේ ජයග්‍රහණයට සුබපතන අතරම, බන්ධනාගාරය භාරව හා පොලිසියට හෝ නීතියට සම්බන්ධ කිසියම් ඇමති ධුරයක් ලැබීමට ඉතාම සුදුස්සෙකු යයි මම නම් එක පයින්ම යෝජනා කරනවා. මේ ධර්මදීපයට ගැලපෙන ඔබතුමා වැනි උතුම් මහත්වරුන් අපේ පාර්ලිමේන්තුවට තවතවත් මහජන ඡන්දයෙන් තේරී පත්වීමට හැකි වේවා යයි ප්‍රාර්ථනා කරමි...!!!
Reply : 0 174
janahitha Wednesday, 12 August 2020 09:56 AM
ප්‍රශ්නයට පිළිතුරු ජනතාවගෙන් ලැබිය යුතු වෙනවා. රටේ නීතියට ගරු කරනවාද? නැතිනම් තම දේශපාලනික විශ්වාසයන්ට ගරු කරනවාද? ඡන්දය දුන්නේ පොහොට්ටුවද? නැතිනම් අදාළ අපේක්ෂකයාටද?
Reply : 0 87
දිමුත් Wednesday, 12 August 2020 10:04 AM
මට මතක විදියට හැබැයි සරත් ෆොන්සේකා මහත්තයාට ඔහොම අවසරයක් දුන්නැහැ නේද?
Reply : 0 274
sharm warn Wednesday, 12 August 2020 11:09 AM
මෙහෙමනේ... මේක මේ බොහොම සරල වැරැද්දක්නේ... ඒකනේ ගමේ මිනිස්සු උපරිම මනාප දුන්නයි කියන්නේ. ඒ කියන්නේ රත්නපුරේ මිනිස්සුන්ට මිනීමරන එක සුලු දෙයක්...
Reply : 0 80
දරේ Wednesday, 12 August 2020 10:22 AM
ව්‍යවස්ථාව අනුව මිනීමැරුම් නඩුවක චූදිතයෙකුට නාමයෝජනා දෙන්න බැහැ. එ්ක මැකෝ ශේප් කළා. ව්‍යවස්ථාවේ හැටියට මරණ දඬුවම ලැබූ අයෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බෑ. එ්කත් කව්රුහරි ශේප් කරයි. නීතිය බල්ලට ගිහින්නේ තියෙන්නේ. මිනිස්සුන්ටත් නීතියට වඩා පක්ෂ, පාට ලොකුයි.
Reply : 0 538
Kamal Koyrala Wednesday, 12 August 2020 10:28 AM
කමක් නැහැ සර්... ටික දවසක් ඔහොම යං.... තව අයත් ඉන්නවා එළියට ගන්න. පොඩ්ඩක් ඉවසන්න.
Reply : 0 88
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 12 August 2020 10:57 AM
මොනතරම් අගනා නීතිගරුක මිනිසුන් සහ සමාජයක්ද මේ රටේ තියෙන්නේ..? කියලා වැඩක් නෑ. අන්තිම ඉහළයි. මරණීය දණ්ඩනයෙන් පිදුම් ලබා සිටින කෙනෙකු ඡන්දෙන් දිනලා. සිර ගෙදර ඉඳගෙන පාර්ලිමේන්තු එන්න අවසර ඉල්ලනවා.. අබුද්දස්ස කාලේ...
Reply : 0 138
Bamunuarachchi Wednesday, 12 August 2020 11:59 AM
මොකක්ද ඒ? මරණීය දණ්ඩනයට නියම තැනැත්තා එල්ලුම් ගස් යවනවා හැරනේනට පාර්ලිමේන්තු එන්නේ මොන කෙංගෙඩියකටද?
Reply : 2 133
kapila Wednesday, 12 August 2020 12:28 PM
තමුන්ට තියෙන රුදාව මොකද්ද? පේන්නේ නැද්ද ජනතාව වැඩියෙන්ම මනාප දීලා තියෙන්නේ මේ වගේ උදවියටනේ... ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජනමතයට හිස නමන්ට පුරුදු වෙන්න...
Reply : 0 192
Bamunuarachchi Wednesday, 12 August 2020 02:09 PM
පළාතේ දේශපාලනය නොවෙයි. රටේ දේශපාලනය ගැන කතා කරද්දී මොවුන් ගැන අපිට කතා කරන්න වෙනවා. මීනිමරපු අයට අපි කොහොමද ආමන්ත්‍රණය කරන්නේ කියන එකයි ප්‍රශ්නය...? මොකද ඉතින් ඇමැතිතුමා කියන්නද?
0 12
kapila Wednesday, 12 August 2020 02:36 PM
කණගාටුයි මහත්මයා. පළාත් දේශපාලකයින්ගෙන් තමා රටේ දේශපාලනය හැදිලා තියෙන්නේ... මෙයා පළාතේ වාසය කරන මිනිස්සු විසින් වැඩි ඡන්දෙන් පත්කරලා තියෙනවා. ඉතින් මෙයාට "මන්ත්‍රීතුමා" කියන්නේ නැතිව වෙන මොනවා කියන්නද?
0 0
Bamunuarachchi Thursday, 13 August 2020 05:56 AM
අපි ඔය පළාතේ නොවේ නම් අපිට පළාත අදාළ නැහැ... අපිට මොහු ගැන කතා කරන්න වෙන්නේ රටේ දේශපාලනය ගැන කතාකරන්න වුණාම මිස ගමේ වක්කඩක් ඇරියාම නොවේ. එවිට අපිට මොහුට ඇමැති හෝ මන්ත්‍රී කියන්න වෙනවා නම් ඊට වඩා හොඳයි කට කුඩුකර ගැනීම... එල්ලුම් ගහට නියම වුණානම් කාගේ කවුද කියන එක අදාළ නැහැ... එයා මිනීමරුවෙක්..
0 1
Bamunuarachchi Thursday, 13 August 2020 05:58 AM
මිනීමැරූ තැනැත්තෙකුට ‘තුමා‘ කියන්නේ කවුද? එයාගේම ගෝලයෙක් හැරෙන්නට...
0 7
Puppa Wednesday, 12 August 2020 12:09 PM
මොකක්ද මේ නීතිය? පුළුවන් අය මේ රටින් යන්න.
Reply : 0 126
Bamunuarachchi Wednesday, 12 August 2020 12:36 PM
මෙතන නීතියක් නිසා මෙයා පාර්ලිමේන්තු එනවා නොවේ. කවුරු හරි මිනීමැරුමක් සිදුකළා නම් එයාව හඳුන්වන්නේ මිනීමරුවා කියලා තමයි.
Reply : 0 6
ධනුෂ්ක Wednesday, 12 August 2020 02:11 PM
පොලිසියේ කොස්තාපල් යන්න. පරම්පරාවෙම පැටිකිරිය හොයනවා. රටේ උත්තරීතරම ආයතනයට යන්න මිනීමරුවෙකුට වුවත් හැකිය.
Reply : 0 128
Prasadi Wednesday, 12 August 2020 02:13 PM
බලන්න අනේ මේ සිරිසේන කරන දේවල්... අපේ සර් ජනාධිපති වුණා නම් ඔහොම වෙන්නේ නැහැ.
Reply : 0 94
pradeepa Wednesday, 12 August 2020 05:48 PM
අපේ සර් සිරිසේන ජනාධිපතිතුමාටත් සමාව දීලා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න චාන්ස් දුන්නා නම් චොකාමල්ලිට සමාවක් නොදෙන එකක් නැහැ.
Reply : 0 2
kamal Wednesday, 12 August 2020 06:58 PM
නීතිය නවන්න නෙමෙයි 2/3ක් දුන්නේ කියන එක හොඳින් දැනගන්න.
Reply : 0 1
Ananda Thursday, 13 August 2020 11:03 AM
ලංකාවේ පාර්ලිමේන්තුව අපායක්නේ...
Reply : 0 7
janith Thursday, 13 August 2020 03:51 PM
මේ පටන්ගත්තා විතරයි.. එළිවෙන ජාමෙට තමයි හොඳ හොඳ සෙල්ලම්...
Reply : 0 0