
(ඩයනා උදයංගනී)
පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (8) දිවුරුම් දුන්නේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දැනට මරණ දඬුවම නියමව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට මන්ත්‍රීවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ පැමිණියේ ය.
ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පැහැති සාටක පැළඳ සිය විරෝධය පළ කරනු දක්නට ලැබිණි.



( ඡායාරූප - ළහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 බලාපොරොත්තුවුණු දේවල්ද මේ? තවත් දේවල් ඉදිරියේදී අසන්නට ලැබෙයි. අහෝ රටට වෙන්න යන දෙයක්..
කියලා වැඩක් නැහැ.
අභිනවයෙන් පත්වන අපේ මිනීමැරුම් කටයුතු පිළිබඳ ඇමැතිතුමාට සුබපැතුම්... ශ්‍රී ලංකාවට ජයවේවා..!!!
පැතූ වෙනස ලැබෙමින් තිබේ..
කුණු තියෙන තැනට මලු කුණු එකතුවෙන්නේ. දැනටත් මිනීමරුවන් කීදෙනෙක් ඉන්නවද?.. සිල් මුහුණක් පැළඳගෙන දියවන්නාවේ භූත මන්දිරයේ ඉන්නවාද කියලා දන්නෝ දනිති. මගේ ගණන් බැලීම අනුව නම් 11 ක් ඉන්නවා. එකා 3දෙනෙක් මරපු අයත් ඉන්නවා. ඒ නිසා මේ එක මිනිහෙක් මරපු " අහිංසකයා " තවම පුරුදුවෙන්න L බෝඩ් එක ගහගෙනලු ඉන්නේ. හෙට අනිද්දා 20 සම්මත කළාට පස්සේ (කරගන්න පුළුවන් වුනොත්) මේ ගොල්ලන්ට " නඩු නැති අළුගෝසු " ඇමතිකම වුණත් දෙන්න ජනාධිපතිට බලය ලැබෙනවා. 69 ලක්ෂයක බයියන්ට හරි ජොලි ඇති නේද...? අපි බලාගෙන ඉන්නවා. 20 පැනගත්තොත්... ඔය 69 ලක්ෂයක් වන බයියන්ට තමයි අවුරුදු 5 පුරා හොඳට බඩකට පුරාම " පරිප්පු" කන්න වෙන්නේ. දැන් ඉතින් චොකා මල්ලි.. නීතිපතිට කොකා පෙන්නුවා වගේ හෙට, අනිද්දා උසාවියටත් කොකා පෙන්වලා.. බයිෆෝස් එකෙන් නිදහස් වේවි... බැරිවුණොත් ජනාධිපති සමාව...!!! මිනීමැරුවත් මැරුවේ නැහැ වගේ ඉන්න පුළුවන් එකම රස්සාව තමයි දියවන්නාවේ " ජරාව කන " ජොබ් එක. ලැජ්ජයි.. අපි චූටි කාලේ කොහොම තිබුණු වාසනාවන්ත රටක්ද? අද මේ අපායක් වෙලා තියෙන්නේ...
පක්ෂේ වැඩි හරියක් අපරාධකාරයින්, මිනීමරුවන්... ඒ නිසා ඔය මිනීමරුවා ඔතනට වැඩි නැහැ. මිනීමරු ආණ්ඩු පක්ෂෙට ජයවේවා...!
නීතියෙන් මිනීමරුවකු ලෙස තීන්දු කරන ලද පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් සහ අභියාචනාධිකරන තීන්දුවක්. ලැබූ ඡන්ද ප්‍රමාණයෙන් 10% මේ ආණ්ඩුව අහිමි කර ගැනීමක් මෙම තීරණය නිසා සිදු වනු නොඅනුමානය. යහපාළු ආණ්ඩුව වගේම මෙම රජයේ ආයු කාලය ද 2025 අවසන් වීමේ ලක්‍ෂණ පෙන්නුම් කිරීමක්.
මෙතුමාව පාර්ලිමේන්තු එවපු රත්නපුර ජනතාවට සුබපැතුම්.!
අනේ සුපර් මැන්ට ගිය කලක්.
හිතාගෙන හිටියේ මේ ආණ්ඩුව හරි පාරේ යයි කියලා! බලාන ගිහාම ඔක්කොම එකයි
දැන් ඉතින් සියලු වර්ගයේ පාතාලයින් අන්තර්ගත බැවින්, මේ පාර්ලිමේන්තුව අංගසම්පූර්ණයි.
ඕනම ජරා වැඩක් කළත්, ජනතාව කැමැති නම් ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තු ඒමට බාධාවක් නැත.
මේ ආරම්භය පමණයි. බොහෝ දේවල් ඉදිරියේදී දකින්න ලැබේවි. මේ මිනිස්සුන්ට බලය ලැබුණාම නීතියට, යුක්තියට ගරු නොකරන බව ආපු දෙනා සිටියත් 69 ලක්ෂයක් දැක්කේ නැහැ. මේ නිසාම අද මිනීමරුවන් පාර්ලිමේන්තුවට යනවා. දඬුවම් ලැබූවන් ළඟදීම නිදහස් වේවි.
දැන් 2/3 ශේප්.. චොකාමල්ලි එල්ලනකම් ඕනම පනතක් උඩින්ම පාස්...
දැන්වත් 69ට තේරෙනවද, කියන්නේ ලස්සන දෙවල්, කරන්නේ ගඳ ගහන දෙවල් කියලා... සැබෑ නායකයින් මෙසේ නොවේ...
මේ මනුස්සයා හිතයටින් දිවුරන්නේ මොනවා කියලද දන්නේ නැහැ...
දැන් සැපයිද ඔබ සැමටම...?
අවුරුදු 5ක් මේ විගඩම් බලන් ඉමු. වෙන මොනවා කරන්නද? 2/3 දුන්නනේ... මේවාට කතා කරන්න ගියොත් ඉතින් අපිට වෙන්නේ කිසිවක් නැතිව යන්නයි.
තීන්දුව දුන්නු නඩුකාරයත් අල්ලස් නඩුවක සැකකරුවෙක් නම්...
මගේ අදහස අධිකරණ තීන්දුව කවදාවත් වෙනස් කරන්න බැහැ. ඒක නීතියෙන් විසඳන්න ඕනෑ. නැතිව ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ.
වැඩි සද්දයකුත් නැහැ. ඇදගෙන නාගෙනම හොඳට හෝදාගන්න එක කෝකටත් හොඳයි.
බහුතරයකගේ මනාපය ලැබුනේ මෙවැනි පාලනයකටයි. හිට්ලර් වැනි ඒකාධිපති පාලනයක් ඉල්ලූ වහලුන්ට මෙවැනි දේ සතුටක්ම විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී රටක උත්තරීතරම නීති සම්පාදනය කරන තැන මිනීමරුවන් සහ දූෂිතයන්ගෙන් පිරුණුකළ එවැනි රටක නීතිගරුක සමාජයක් ස්ථාපිත වේ යැයි බලාපොරොත්තු තබා ගැනීමත් මහා විහිළුවකි.
සමාජයේ පොඩි මිනිසෙක් වරදක් කලාම "තැලෙන යකඩේ ආචාරියා උඩ පැන පන තලනවා සේ" සමාජයට අවවාද දෙමින්, ලොකු ලොක්කන්ගේ තුප්පහි වැඩ දැක්කාම මොනවද කියන්නේ?
මීනීමරුවන් සහ කැලෑ පාළුවන් තුරුළු කර ගනිමින් ලාබාල ආණ්ඩුව විනාශ කර ගනීවි.
මිනීමරුවා මිනීමරුවාමයි...
රටටයන කලක්... අනාගත පරපුරට අපි බාරදිය යුත්තේ මෙවන් රටක්ද?
පාර්ලිමේන්තුව ගුබ්බෑයමක් වගේ වුණා. මේ මිනීමරුවාට ඡන්දයි, දුන්න අයටයි හෙන ගහන්න ඕනේ. අනාගතේදී හිරේ ඉන්න මරණ දඬුවමට යටත් හුඟ දෙනෙක් පාර්ලිමේන්තු ඒවි... මේ පුද්ගලයාත් නිදහස් කරාවි. පාර්ලිමේන්තුව හිරගේ වගේ වේවි. මෙදාපාරත් ජනතාවට, වැරදුණා.
මේ අදහස් වලට කැමැත්ත අකමැත්ත දාලා තියෙන තාලෙන්ම බයියන්ගේ මානසිකත්වය පැහැදිලිව පෙන්නුම් කරනවා.
මිනීමරුවන්ට පාර්ලිමේන්තුව.
මම 2010දී ලංකාවෙන් අයින් වුණා. මගේ තාත්තාටත් පින්... හැමදාම කිව්වේ පලයන් මේ රටින් කියලා. මම දැන් ඉන්නේ මැලේසියාවේ විවාහ වුණේ මැලේසියානු කාන්තාවක් සමග... මට දැන් ඕනේ දෙමව්පියන් ගෙන්වාගන්නයි.