IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘දුප්පත්කම තුරන්කිරීම රජයේ ප්‍රතිපත්තියයි’

(අංජුල මහික වීරරත්න සහ ප්‍රියානි මංගලිකා)
 
ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සාධාරණ, තරගකාරී ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් බිහිකොට දුප්පත්කම තුරන් කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
සෑම දිනකම රූපවාහිනියෙන් තම පින්තූරය ප්‍රදර්ශනය කරගැනීමෙන් රටේ ආර්ථිකය හෝ රට හදන්නට නොහැකි බව කී අග්‍රාමාත්‍යවරයා බැණුම් අසමින් ඉවසමින් රට ඉදිරියට පවත්වාගෙන යාමට සිදුවී ඇතැයි ද පැවසීය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ඉඩම් ඔප්පු 1,000,000ක් බෙදා දීමේ ජාතික වැඩසටහනේ නිකවැරටිය බල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.
 
නිකවැරටිය පොලිස් අභ්‍යාස ක්‍රීඩාංගනයේදී පැවති මෙම උත්සවයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචි වී සිටින ගොවි ජනතාව සඳහා දීමනා පත්‍ර හා බලපත්‍ර 2000ක් පමණ බෙදා දෙන ලදී.



අදහස් (22)

‘දුප්පත්කම තුරන්කිරීම රජයේ ප්‍රතිපත්තියයි’

lanka Friday, 01 February 2019 10:29 AM

රට කෙසේවෙතත්.., අපිට නම් පේන්නේ හැමවෙලේම මැති ඇමතිවරු පොහොසත් වනබවයි.

:       3       212

nihal c k Friday, 01 February 2019 10:31 AM

සුද්දා බලෙන් අපේ රට ගත්තෙත් ඕක කියලා 1948 නිදහසෙන් පස්සේ අපේ නායකයින් කියන්නෙත් ඕක... අපි එතනමයි. ඕක කියපු අය නම් පොහොසත් වෙලා.

:       0       119

Raveendra Friday, 01 February 2019 10:35 AM

මෙයා බයිලා කියවනවා. එල්ලෙන වැල් නැහැ. මහ බැංකුවට ආගිය අතක් නැහැ. ලැජ්ජා නැතිව දොඩවනවා.

:       3       646

Adam Friday, 01 February 2019 12:59 PM

මෙයා සමග මෙයාගේ හොරු ටික එකතුවෙලා ලංකාවේම සල්ලිටික (මහා බැංකුව) හොරා කෑවා. දැන් මෙතන වැදිබණ කියනවා.

:       5       338

Nihal Friday, 01 February 2019 02:32 PM

ඔබතුමාගේ රැකියා දශලක්ෂය නිසා ගම පෙරලියක්ම වුණා..

:       3       171

Hafeel Friday, 01 February 2019 03:11 PM

ඒ විතරක්ද? අර කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් ගරාජයේ පත්වීම්? ඔතන සේවකයන් පිරිලා. කාර් පිට වෙනවා කියන්නේ, පුදුම නිෂ්පාදනය.

:       16       199

RaveendraSaturday, 02 February 2019 02:44 AM

Hafeel මයා වෙත..., ඔබගේ අදහස් අප එක හෙලා බැහැර කරන්නෙමු. ඔබට කුලියාපිටියේ නිෂ්පාදිත වොක්ස්වැගන් කාර් එකක් ගැනීමට නොහැකි වුණාට අප කුලියාපිටියේ නිෂ්පාදිත වොක්ස්වැගන් කාර් එකක් මිලදී ගත්තේ ඉතා කෙටි කාලයකට පෙරය. " දැන් අප වැසිකිලි යන්නෙත් එම කාර් එකෙනි ". ඒ යන හැම අවස්ථාවකම" වැට අද්දර තියෙන වයි ෆයි" වලින් මේ උන්දෑට සුන්දර පණිවිඩ යවමින් පින් අනුමෝදම් කරන්නෙමු. එසේ කරන්නේ මේ අපේ සූත්තර පුංචා බැවිනි. අප තවතවත් මේ පුංචාට පිනටම මේ කඩුපුල් ආසනේ සිටීමට හැකි වේවා ලෙස ප්‍රාර්ථනා කරන්නෙමු.

:       0       412

Senaka Friday, 01 February 2019 04:07 PM

මොකක්ද ඔයාට තියෙන ආර්ථික ප්‍රතිපත්තිය? නිකම් දොඩවනවා. ගම හදලා ඉන්න ඕනේ රට හදන්න කලින්... මුලින්ම ගම දියුණු කරන වැඩ පිළිවෙලක් ගෙනෙන්න. ඔයාගේ ඇමැති මණ්ඩලේ ඉන්න හාල්පාරුවන් ටිකත් එකතු කරගෙන...

:       4       417

asoka Friday, 01 February 2019 04:15 PM

වියසිදුරෙන් අහස දැකීම මගේ ප්‍රතිපත්තියයි.

:       0       121

නිමල් Friday, 01 February 2019 04:17 PM

පහුගිය අවුරුදු තුන, හතර ඇතුළත දුප්පත්කම කියන එක මොකක්ද කියලත් අපිට දැන් අමතක වෙලයි තියෙන්නේ...? බයිලා ගහගහා ඔහේ කාලේකනවා.

:       21       477

Sudath Friday, 01 February 2019 11:47 PM

තව දුප්පතුන් කිහිප දෙනෙකුට ඇමතිකම්, රාජ්‍ය ඇමති කම් දෙන්න මේ දිනවල දත කන ගමන්

:       0       416

samank Saturday, 02 February 2019 04:33 AM

අගමැති උන ගමන්ම එක්කෙනෙකුගේ දුප්පත්කම තුරන්කරලා, උන්නැහේ දැන් සැපෙන් සන්තෝෂයෙන් සිංගප්පුරුවට වෙලා ඉන්නවා කියල ආරංචිය. දැන් මැති ඇමතිවරුන්ගේ දුප්පත්කම වෙන්න ඇති මේ කතාකරන්නේ .

:       0       366

rocky Saturday, 02 February 2019 08:06 AM

පහුගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි දේශපාලුවන් හොරකම් කරපු සල්ලි වලින් හොඳටම පුළුවන් වේවි මේ රටේ ජනතාවගේ දිළිඳු කම තුරන් කරන්න.තව තවත් ජනතාව සූරා කමින් මේ වගේ කතා කියන්න ලජ්ජා නැද්ද? එක මෝල් කාරයෙක් කියනවා, ජනතාවට සහන නොදුන්නොත් ඔවුන්ව මහා පාරේ පෙලගස්වානවලු. ඒ අධමයා දුප්පත් ගොවියන්වයි පාරිභෝ ගිකයන්වයි සූර න් කාල දැන් බන කියනවා. නොදකින්!

:       0       6

Gamini Saturday, 02 February 2019 08:25 AM

2015, 2018 වෙනකම් ජනතාව පෝසත් කළා. කාන්තාවන්ට විශේෂයෙන් සනීපාරක්ෂක තුවාමිල අඩුකළානේ..

:       0       4

truth behind Saturday, 02 February 2019 10:22 AM

දුප්පත්කම නැතිකරන්නේ රටේ දුප්පත් මිනිසුන්ගේ මුදල් හොරකම් කරලද? බැඳුම්කර වංචාව ගැන කියලා හිටියනම් මොකද? මොවුන් හිතාගෙන ඉන්නේ මිනිස්සු හැමදාම ගොනාට අන්දන්න පුළුවන් කියලයි.

:       0       0

Truth behind Saturday, 02 February 2019 10:28 AM

මේ රටට නිදහස නොලැබී තිබුණා නම් අද ලෝකේ දියුණු රටක්.. අපේ රටේ අම්මලා, අක්කලා, නංගිලා අරාබියේ කක්කුස්සි හෝදන්න යන්න වෙන්නේ නැහැ. නිදහස ලැබිච්ච දිනයේ ඉඳලම මොවුන් කරේ රට හූරගෙන කාපු එකයි.

:       0       0

Chanak los angelesSaturday, 02 February 2019 10:22 PM

ඇත්ත.. අපිට මේ හොරුන්ගේ පාලනය නැතිව සුද්දගේ පාලනය තිබුණානම් ජනතාව සුඛිත මුදිත වෙලා එහෙනම්... අපි සුද්දාගෙන් රට මුදාගත්තා කියන පුද්ගලයන් කර තිබෙන්නේ රටේ පාලන බලය ඔවුන් අතට අරගෙන අක්කර 100 ගණන් ඉඩකඩම් ඔවුන්ගේ නමට හරවාගෙන ඔවුන්ගේ පවුල්වල දරුවන්ට පමණක් ඉංග්‍රීසි බස හසුරවන්න මග පාදාගෙන පීඩිත පන්තියේ දරුවන්ට එකම තැන පල්වෙන්න සලස්වමින් රටම දුප්පත්කමේ අගාධයටම තල්ලුකර දමපු එකයි..

:       0       0

Prabha Saturday, 02 February 2019 01:54 PM

මෙයාගේ ප්‍රතිපත්තිය දුප්පත්කම නැතිකිරීම නොවේ. දුප්පතා නැත්තටම නැතිකිරීමයි.

:       0       8

Nuwan Saturday, 02 February 2019 04:55 PM

මම නිල්, කොළ ,රතු ඔය මොකකවත් පැත්තේ නෙමේ. සාමාන්‍ය බුද්ධියක් තියෙන මනුස්සයෙක්. අවාසනාවට අපේ රටේ 99% මිනිස්සු නිල්,කොළ රතු කියාගෙන මරා ගන්නවා මේ මිනිස්සුන්ව රට කරවන තැනට යවන්න. නමුත් මොහොතක් නතරවෙලා බැලුවද තමුන්ගේ දරුවන්ට මේ මිනිස්සු ඇත්තටම රටක් අනාගතයක් ඉතුරු කරාවිද කියලා? හරිම හිතට අමාරුයි මගේ රට මේ දේශපාලුවෝ විනාස කරන හැටි දැක්කම.

:       0       0

anura Sunday, 03 February 2019 03:33 AM

අලි බබා සහ හොරු 105...

:       0       0

Rohana Sunday, 03 February 2019 06:33 AM

නිදහසින් පසු මේ රට ගොඩනගන්න ශක්තිමත් නායකයෙක් තවමත් නැති බව නම් හොඳටම දැනෙනවා.

:       0       0

Bamunuarachchi Sunday, 03 February 2019 08:59 AM

අපට පුරුදු දුප්පත්කම ඔහේ තිබුණාවේ. ඒ දුප්පත්කම නැති කොරන්න ගිහිල්ලා තව 1000 ප්‍රශ්න අතිනොකොට ඔහෙලා තුරන් වෙලා යන්නකෝ. ඉන් ලැබෙන පොහොසත් කම අපිට බොහොම ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30512 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12526 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10903 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site