තරිඳු ජයවර්ධන සහ සිතුම් චතුරංග
ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී පොලිසියට භාර නොදී මුදා හැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා රහස් පොලිසියට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ දැනට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ නීතීඥවරුන් අධිකරණයේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගිනිමිනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතීඥවරු ඒ ගැන අධිකරණයේ අවධානයට යොමු කළහ.
විද්‍යා ඝාතන නඩුවේ නව වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බඳිනු ලැබ තිබිය දී රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇතැයි ද, ලලිත් ජයසිංහ මහතා ගැන විමර්ශන පවත්වන රහස් පොලිසිය ඇය ගැන විමර්ශනය කර නැතැයි ද ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වූහ. එම සිදුවීමට අදාල වීඩියෝපටයක් ද නීතීඥවරු අධිකරණයට ඉදිරිපත් කළහ.
කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ගම්වාසීන් විසින් විදුලි කණුවක බඳිනු ලැබ සිටි ස්විස් කුමාර් බේරාගෙන මුදා හැරීම ගැන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශනය කරන ලෙසත්, ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් රහස් පොලිසියට නියෝග කළේය. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා සැකකරු ගැන තොරතුරු දැන ගත් ආකාරය ගැන ද විමර්ශනය කරන ලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතිං ෂංඉඳියාවට බාදා කොරනව!
ඉස්සර මර්වින් කියල කෙනෙක් මිනිස්සු ගස් බැන්දා. දැන් මේ උන්දැ ගස් වලින් ලිහාගෙන යනවා. දෙකම එකයි.දෙලොවටම වැඩක් නැති පුද්ගලයෝ වුනත් පන්දම් බලෙන් දිවි රැකගන්න කට්ටිය.
හරි, නඩුවේ කටයුතු අවසානයි.... පවු අර අහිංසක ළමය, තව මේ වගේ අහිංසක ජීවිත කීයක් බිලිගත්තත් දේශපලන්ඝයෝ තමාගේ හෙන්චයියන්ව බේරාගන්නවා.
ලංකාවෙනෙ. දේශපාලකයෝනේ. තමන්ට සහයෝගය දෙනවනම් ඕන තක්කඩියෙකුට රැකවරණය දෙනවනේ.
ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ??????... දුෂකයාගේ පැත්තේ ?????
මේවගේ දේශපාලකයෝ ප්‍රතික්ෂේප කිරීම ජනතාවට බාරයි
තමන්ගේ ඇමැතිකමේ නමවත්, ඒකේ තේරුමවත් දන්නේ නෑ වගේ..
දැන් ඉතින් ලලිත් මහත්තයා නිදහස්.
අපේ අය නම් හරිම මනාපයි.
මේ වගේ අය ආරක්ෂා කරන කාන්තාවන්ට මනාපේ ගහන අනුවණ මිනිස්සුත් උතුරේ ඉන්නවනේ !!!
දමිල ජාතියත් අපි වගේම තමය් . නීතියට ගරුකරන මනුස්සකම දන්නකෙනා තරාතිරම නොබලා වැදලා සමාවෙන්න කියනවා .දේසපාලනය කරන එකා මිනීමරුවව බේරගන ගිහිල්ල තව එකෙක් මරපන් කියනවා . ඕක තමය් අපේ රටේ හැටි .සිංහල ,දෙමල කියල නැහැ .අබ සරනයි ශ්‍රී ලංකා
විජයකලාට ජනපතිතුමා හරි රාජ්‍ය ඇමැතිකමක් දීලා තියෙනවා...
මෙයා ළමා කටයුතු ඇමතිනී විදිහට කරපු දෙයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. පින් සිද්ද වෙනවා.
බාලවයස්කාර දැරියන් දුෂණය කරන මිනිසුන් ආරක්ෂා කරන ළමා සහ කාන්තාකටයුතු භාර නියෝජ්‍ය ඇමැතිවරියට විරුධව දෝෂාභියෝගයක් ගෙන එන්න කවුරුවත් නැතිද ?