( නිශාන්ත කුමාර)
බඩ ඉරිඟු තොගයක් පටවාගෙන හේන් යායක් මැදින් ට්‍රැක්ටරයක් පදවාගෙන ආ දහඅට හැවිරිදි පාසල් සිසුවෙකු විසි වී ගොස් ට්‍රැක්ටරයටම යටවීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
බදුල්ල - කන්දකැටිය මහයාය ගම්මානයේ පදිංචි වියලුව කන්දකැපුඋල්පත මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිටි කන්දකැටිය අංක 57 මහතැන්න බදුලුඔය පදිංචි ඩී එම් අෂාන් විරාජ් (18) නැමැති සිසුවා මෙසේ මිය ගොස් ඇත.
බඩ ඉරිගු තොගයක්ද පටවාගෙන හේන් යායක් හරහා වැටී තිබූ පල්ලම් සහිත මාර්ගයක් ඔස්සේ ට්‍රැක්ටරය පදවාගෙන එමින් සිටියදී එහි වේගය පාලනය කර ගත නොහැකි වූ මෙම සිසුවා ට්‍රැක්ටරය මාර්ගය අසල වූ වේල්ලක හප්පවා නතර කර ඇතත් ට්‍රැක්ටරයෙන් විසිවී ගිය සිසුවා එයටම යටවී මිය ගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ ඔබේ සසර දුක් ගිණි නිවෙන්නට, අප කරනා කුසල් අනුමෝදන් වේවා!