( බී.ජී. චතුරංග )
වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූවන් සිටින අනුරාධපුර නගරයට බීමට ජලය තිබෙන්නේ තව සති තුනකට පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
“අද වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන සියලු ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා. මෙම පානීය ජල අර්බුදය හේතුවෙන් මා ඊයේ මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා කැඳවා කොත්මලේ සිට තිබෙන ජලාශවල ජල මට්ටම විමසා එතුමාට උපදෙස් ලබා දුන්නා කුමන ප්‍රශ්නයක් තිබුණත් ඉහළ ජලාශවල තිබෙන සුළු ජල මට්ටමෙන් හෝ අනුරාධපුරයට ජලය ලබා දී අනුරාධපුර නගරයේ තිබෙන පානීය ජල ප්‍රශ්නය විසඳන්න කියලා“
“පසුගිය සතියේදී මා අනුරාධපුරයට පැමිණ කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන ප්‍රදේශ වලට ගොස් දැනගත් තොරතුරු වලට අනුව තමයි තීරණය කළේ ලංකාවේ නියඟයෙන් පීඩාවට ලක්ව සිටින පවුල් ලක්ෂ 05ක් සඳහා වෙනම වියළි ආහාර සළාකයක් ලබාදෙන්න.“
සිසුවියකගේ ඉල්ලීම පරිදි අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයට බස් රථයක් ලබා දීමේ උත්සවයකට අද (4) සහභාගී වෙමින් ජනපතිවරයා මේ බව කීය.
“මීට මාස දෙකකට පෙර මා අනුරාධපුරයට පැමිණ ශරීර සුවතා ඇවිදින මංතීරුවක් විවෘත කළ අවස්ථාවේදී නිවත්තකචේතියේ සිසුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. මම ඒ දරුවන් සමඟ කතා කරන විට එක් දියණියක් කිව්වා අපේ පාසලට බස් රථයක් ලබාදෙන්න කියලා. මම එම අවස්ථාවේදී එම දියණියට පොරොන්දු වුණා බස් රථයක් ලබාදෙන බවට. ඒ අනුවයි අද මෙලෙස බස් රථයක් ලබාදුන්නේ. “
පරිත්‍යාග කෙරුණු මෙම බස් රථයේ නැගී ජනාධිපතිවරයා නිවත්තකචේතිය විද්‍යාලයට පැමිණීම මෙහිදී විශේෂත්වයක් විය. ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම කළ සිසුවියට බස් රථයේ යතුර ලබාදීම එම උත්සව අවස්ථාවේදි සිදු කෙරිණි.





COMMENTS
මොකද මේ මිනිස්සුන්ගේ මුහුණු වල සිනා පොදක් වත් පේන්න නැත්තේ?
බස් එකක් දෙන්න මාස දෙකක් ගියානම් රට හදන්න කොපමණ කලක් යාවිද?
ඔබතුමා රටට වැඩ කරන්න ආවත් අපු දවසේ ඉදන් ගංවතුර ආධාර, නියන් ආධාර, නාය යාම් සඳහා ආධාර , කුණු කදු වැටීම් සදහා ආධාර කදවුර ඇතුලේ බෝම්බ පත්තු වීම නිසා ආධාර ලබාදෙන්න සිදුවුණා. එය ජනතාවගේ අවාසනාව.
අතිගරු ජනාධිපති තුමා ඉතා අවංකයි. හරිම සංවේදී චරිතයක්. කලබල වෙන්නේ නැහැ. රට දියුණුවට අවංකව වැඩ කරන බව පේනවා. ජය ශ්‍රී මහ බෝ සරණින් සියලු බාධක ඉවත්වේවි. අපි එතුමාට සුබ පතමු. සහය දෙමු. එකමුතුව මේ සියලු දුෂ්කරතා ජය ගනිමු. තෙරුවන් සරණයි.
ඔමතුමා වාරිමාර්ග ඇමති වෙලා හිටපු කාලේ , ගම්ප්‍රදේශය වන රජරටට මොනවද කලේ ? අදටත් මිනිස්සු DS මහතාට CP සිල්වා මහතාට කොච්චර පින්දෙනවද . ඒ රජරට මිනිස්සු නෙමෙයි. එත් රජරට මිනිසුන්ට පිහිට උනා . දැන්වත් කොන්ද කෙලින් තියාගෙන රටට වැඩක් කරන්න .