(නිමන්ති රණසිංහ)
කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව මගින් කොටිකාවත්ත සෝමාදේවි විද්‍යාලය පිටුපස පිහිටි ‘කජුගහ කුඹුර’ නැමැති කුඹුරු ඉඩමකට අනවසරයෙන් කුණු බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන්ගේ පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය අද (19) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. සම්පත් සංජීව මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 239/1, අයි. ඞී. එච්. පාර, කොටිකාවත්ත ලිපිනයෙහි පදිංචි විජයමුණී අජිත් පුෂ්පානන්ද සිල්වා මහතා විසිනි. මෙහි වග උත්තරකරු ලෙස පොලීසිය විසින් නම් කර තිබුණේ කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ ලේකම් තනතුර දරන්නාය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව මගින් කොටිකාවත්ත සෝමාදේවී විද්‍යාලය පිටුපස පිහිටි මෙම කුඹුරු ප‍්‍රදේශයට කිසිදු නිත්‍යානුකූල පදනමකින් සහ අවසරයකින් තොරව ප‍්‍රදේශයේ කැළි කසල බැහැර කිරීමෙන් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම නගර මධ්‍යයේ ජීවත්වන ජනතාවට විශාල පීඩාවක් ඇති වී ඇතැයි පවසයි.
මූලික සාක්ෂි කැදවීම සදහා සිකුරාදා (21) යළි නඩුව කැදවීමට නියමිතව ඇත.
COMMENTS
අයියෝ ලංකා. කාලා බීලා එතනම අසුචි කරන ජාතියක්ද? ලැජ්ජයි.
නීතියේ හැටියට කුඹුරු වලට කුණු දැමීම නෙවෙයි කිසිම අයුරකින් ගොඩ කිරීම තහනම්. ඒකවත් දන්නේ නැද්ද ප්‍රාදේශීය ලේකම්?