IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඉන්ෆ්ලුවන්සා පැතිරීම වැළැක්වීමට ගුරුවරුන්ට උපදෙස් මාලාවක්

රංජන් කස්තුරි

මේ දිනවල පැතිර යමින් තිබෙන ඉන්ෆ්ලුවන්සා උණ  රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පාසල් ගුරුවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව පාසලේදී ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ හඳනාගත හොත්  දෙමාපියන්ට දැනුම් දෙන ලෙසත් ඔවුන් පැමිණෙන තෙක් දරුවා විවේකීව වෙනම ස්ථානයක තැබීම , උණ තත්ත්වය පවතීනම් පැරසිටමෝල් නියමිත ප්‍රමාණය ලබාදීම , අවදානම් රෝග ලක්ෂණ ඇත්නම් දෙමාපියන්ට දන්වා දරුවා රෝහල් ගත කිරීම කළ යුතු බවද එම උපදෙස් මාලාවේ සඳහන් කර ඇත.

දරුවන්ට වැඩි අවධානයකින් පෝෂ්‍යදායි ආහාර ලබාදෙන ලෙසද රෝගය සුවවන තුරු දරුවන් පාසල් එවීමෙන් වළක්වන ලෙසද අමතර පංතිවලට යැවීම හෝ සෙල්ලම් කිරීමට ඉඩ ලබානොදෙන ලෙසද දෙමාපියන්ට උපදෙස් ලබා දිය යුතු බවද එහි සඳහන් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇත.



අදහස් (2)

ඉන්ෆ්ලුවන්සා පැතිරීම වැළැක්වීමට ගුරුවරුන්ට උපදෙස් මාලාවක්

mali Wednesday, 13 June 2018 03:48 PM

තව ටිකක් කල් ගිහින් මහජනතාව දැනුවත් කළා නම් වඩාහොඳයි. දැන් රෝගය පාලනය වී ඇත.

:       119       105

Chandima Thursday, 14 June 2018 01:41 AM

අපේ රටේ මිනිස්සු වැඩිදෙනා තාමත් කිඹුහුමක් යවන විධිය වත් දන්නේ නැහැ. ඕනි සෙනගක් මැද්දේ උනත් බකස් ගාල කහින කිඹුහුම් ඈනුම් යවන අය ඕනි තරම් ඉන්නවා. චැනල් සෙන්ටර් වල ලෙඩ්ඩු එක්ක නිරෝගී අයත් එක පොදියේ දඟලනවා. මේ වගේ ලෙඩක් තියෙන කොට වෙන රටවල පුද්ගලික රෝහල් වල උනත් මුඛ ආවරණ නොමිලේ ලබා දෙනවා. මෙහෙ කවුද ඔය කාරණා ගැන සලකන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site