
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ඡායාපිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බවත් අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා අද (10) පැවසීය.
ඡායාපිටපත් ගාස්තුව රුපියල් 10 ත් 12 ත් අතර මේ වන විට පවතින බව කී ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මිල තව දුරටත් වැඩිවීමෙන් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මව්පියන් දැඩි අපහසුචතාවට පත්වන බව ද සඳහන් කළේය.
ඡායාපිටපත් කඩදාසි බන්ඩලයක මිල රුපියල් 580 ත් 640 ක්ව තිබියදී ඡායාපිටපතකට රුපියල් 4 ත් 5 ත් අතර අයකළ බවත් ඡායාපිටපත් කඩදාසි බන්ඩලයක මිල මේ වන විට රුපියල් 3200 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන්ද්‍රජිත් මහතා කීය.
පාලකයන් ජනතාව ගැන නොසිතා රජයේ ආයතනවල පාඩුව මකාගැනීමට ජනතාවගේ බෙල්ල මිරිකන තීරණ ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමුවේ යැයි උජාරුවට පැවසීම අනුමත කළ නොහැකි බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කල් පාලකයන් ජනතාවට වියදම්වල නියම බර නොදී සහන සලසපු නිසයි අද අපි මේ තත්ත්වයට වැටුණේ. කොමිසමේ සභාපතිවරයා විදුලි ගාස්තු සියයට 75කින් ඉහළ දැමුවේ යැයි උජාරුවට පැවසීම නොවෙයි එක ෆොටෝ කොපියක ගහන්න රුපියල් 5ක් විදුලිබලයට අයකිරීම අපිට අනුමත කළ නොහැකි බව අපි කියනවා.