IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් තවත් දරුවෙකු මරුට

 (ජේ.කේ.එල්.චාමින්ද)


ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළදිමෙන් තවත් කුඩා දරුවෙකු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.


මියගොස් ඇත්තේ අවුරුද්දක් හා මාස දෙකක් වියැති දරුවෙකි. එම දරුවා ගොනපිනුවල ප්‍ර දේශයේ පදිංචි දරුවෙකි. හෘද වස්තුවේ ඇතිවු රෝගි තත්වයක් නිසා  මෙම දරුවා කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයට ඇතුලත් කොට තිබේ.


මෙකි වෛරස් උණ රෝගයට  ලක්විමෙන් මැයි මාසයේ සිට ජුනි මස 18 වැනිදින දක්වා කාලය තුලදි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ හා වාට්ටුවල ප්‍රථිකාර ලබමින් සිටි කුඩ දරුවන් 20 දෙනෙකු මියගොස් ඇති බැව් රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා සදහන් කළේය.

 
රෝහල් අධ්‍යක්ෂකරවරයා පවසන්නේ මේසේ මියගිය දරුවන්ගෙන් දහ දෙනෙකුම  හෘද වස්තුවේ සිදුරු, මෝලයේ ආබාධ, උපතින්ම ඇතිවු ආබාධයන්,  විවිධ සංකුලතා වලට ලක්වු ප්‍රතිශක්තිකරණය අඩු දරුවන් බවය. එම දරුවන්ට වෛරස් උණ වැලදිමේ වැඩි ඉඩක් පවතින බවද රෝහල්අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.


කෙසේවුවද මේවනවිට වෛරස් උණ රෝගය පාලනය වි ඇති බව පවසන රෝහල් අධ්‍යක්ෂකවරයා වෛරස් උණ වැළදිමෙන් රෝහල්ගතවන දරුවන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවි ඇති බව සදහන් කළේය.


 රෝහලේ ළමා වාට්ටුවලට  වෛරස් උණ වැළදි දරුවන් 12 දෙනෙකු පමණ ඇතුළත්ව සිටින බව සදහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා ඉන්ෆ්ලුවෙන්සා වෛරස්  A බවට හදුනාගෙන ඇත්තේ ඉන් දරුවන් දෙදෙනෙකු බවද සදහන් කළේය.
 

 

 

 

 

 

 



අදහස් (0)

ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් තවත් දරුවෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site