IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරිකයාගේ ගෙට පැන කෝටි 2 ක රන්බඩු-විදෙස් මුදල් සොරාගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 පිළියන්දල මකුලුදූව කෝටිපති ව්‍යාපාරික නිවසකින් අද (27) දහවල්  රුපියල් කෝටි දෙකකට  අධික වටිනා වටිනාකම රන් භාණ්ඩ සහ විදේශ මුදල්  තොගයක් සොරාගෙන ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි

පැමිණි සොරුන් නිවසේ අල්මාරියේ  තිබූ   පවුම් හැත්තෑවකට අධික රන් භාණ්ඩ සහ යුරෝ මුදල් මෙලෙස  සොරාගෙන ගොස් ඇත.

අල්මාරියේ රහස් ලාච්චු වෙ තැන්පත් කර තිබූ    රන්   භාණ්ඩ සහ විදේශීය මුදල් එලෙස සොරාගෙන ගොස් ඇත

සොරකම සිදු වන සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නැතැයි ද  පොලිස් විමර්ශනවලදී  හෙළිවී ඇත

සොරකම සඳහා පැමිණි පුද්ගලයන්  කූඩුවල රඳවා සිටි සුනඛයන් කූඩුවල දොරවල් විවෘත කර  පිටතට යවා සොරකම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ව්‍යාපාරික නිවස පිළිබඳව හොඳින් දන්නා පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය සැක කරයි

සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් නිල සුනඛ යන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද යෙදවීමට නියමිත ය

පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රන්ජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි



අදහස් (3)

ව්‍යාපාරිකයාගේ ගෙට පැන කෝටි 2 ක රන්බඩු-විදෙස් මුදල් සොරාගෙන

Lalith Wednesday, 28 September 2022 08:44 AM

පිළියන්දල මගේ ගෙදර පවුන් 30 සහ මුදල් හොරකන් කරලා දැනට මාස 9 පසුවී ඇතත්, පිළියන්දල පොලිසියෙන් තවම සොයාගෙන නැත.

:       1       2

P.D Goonawardene Wednesday, 28 September 2022 11:38 AM

මෙයා හොරුන්ට පූජා කරන්නම තමා ඔච්චර ධනස්කන්ධයක් ගේ අස්සේ තියාගෙන ඇත්තේ... නැත්නම් ඔය බැංකුවල තියෙන්නේ සේප්පුව... ඒකේ කෑල්ලක් අරගෙන දැම්මා නම්, අදටත් ඒ බඩු තමන් ළඟ... සල්ලි තිබුණාට මොලේ නැහැ.

:       0       2

KAUTILYA. Wednesday, 28 September 2022 03:24 PM

අපේ සිංහල ඇත්තෝ මුදල් උපයන්න හරිම සූරයි, දක්ෂයි, ඒත් ඒ සම්පත් කළමනාකරණයේ දී නම් දුර්වලතාවයක් දැක්වීම කණගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site