(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත.
මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.
මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.
මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැත්තන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටින්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “ දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම් නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.
මෙම රෙගුලාසි යටතේ ඔනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
මේ හේතුවෙන් පුද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වන බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.
මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
COMMENTS
ජයවේවා අධිකරණය...!!!
ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගය අත්හිටවූවා යැයි කියන්නේ ජනපති නීතියට හා ව්‍යවස්ථාවට පරිබාහිරව කටයුතු කොට ඇති බව නොවේද ? අහෝ .. රටකට ගිය කල ...
ඒ කියන්නේ අන්තවාදී මත ප්‍රකාශ කරන්න පුළුවන් එතකොට
සර් ලංකාව උතුරු කොරියාවක් කරයි වගේ
ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නැහැ . ඩුබායි,සිංගප්පුරුව , කටාර් , සෞදිය ,හැම රටක්ම මුලිකව දියුණු වුනේ ඒකාධිපත්වයක් එක්ක. බටහිර රටවල් බහුතරයක් එහෙමයි.හැම දේටම කකුලෙන් අදින උන් ඉන්නකල් මේ රටවල් තුන්වෙනි ලෝකයේ රටවල් වෙලා තියේවි....................
හොඳ ප්‍රවණතාවක්. ජයවේවා !
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන්ටත්, ගරු විනිශ්චයකාරවරියන්ටත් මගේ උතුම් ආචාරය...!!! අන්ත දුෂිත, හොර , " රැලට " නොනැමෙන හොඳ කොන්දක් ඇති, අවංක, විනිශ්චයකාරවරුන්, විනිශ්චයකාරවරියන් කිහිප දෙනෙක් හෝ තවමත් අපේ රටේ සිටීම .... අධිකරණයේ පිහිට පතන, නොහික්මුණු පාලකයින්ගේ පීඩනයට ලක්වූ රටවැසියන්ගේ වාසනාවක්...
ඔය දීලා තියෙන්නේ අතුරු නියෝගයක්... කාටවත් චූන් වෙන්න දෙයක් නෑ. නඩුව සම්පූර්ණයෙන් අහලා දෙන තීන්දුව මොකක්ද කියලා බලමු.
මේවගේ දේවල් තේරෙන කොටසක් රටේ සිටීම සතුටුදායකයි. සාමාන්‍ය මනුස්සයාට මේවා තේරෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ එක එක්කෙනාගේ පසුපස යාම සහ කිසිම හේතුවක් නැතිව වුණත් කැමති සහ තමන්ට වැඩක්ගත හැකි අයට බලය ලබාදීමට කතිරය ගැසිම පමණි.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නම් ඔහුට එරෙහිව ක්‍රියාකලාපයක් ගන්න බැරි කුමක් නිසාද?
බැරිද දැන් නෑ උසාවි නියෝගයකින් ජනාධිපති කම අහෝසි කරලා දෙන්න. දැන්නම් ඇති වගේ
මේ රටේ අධිකරණයක් තියෙනවා කියලා දැන් දැනුණා. ඒත් මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වත් අත්අඩංගුවට ගනීද දන්නේ නෑ. නැත්නම් ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට කරපු දේ කරයිද දන්නේ නෑ. එහෙමත් නැත්නම් විමලේ දම්මලා කුණුහරුපෙන් බන්නයිද දන්නේ නෑ.
මේක මානසික රෝගයක්ද කොහෙද .බලය උනාමත් මෙහෙම වෙනවා
ජයවේවා අධිකරණය...!!!
ජයවේවා... අධිකරණයට දී ඇති නිදහසට. මෙහෙම තීන්දුවක් දීලා නේද එක කාලෙක විනිසුරුවන්ගේ ගෙවල්වලට ගල් ගැහුවේ? දැන් තේරෙනවද වෙනස...?