පාර්ලිමේන්තු සභාගැබේදී තමාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.
රට ගිනි නොතියා බහුතරයට ඉඩ දෙන්නැයි ජනාධිපතිට බල කරන ලෙස ද ඔහු කීවේය.
මන්ත්‍රීවරයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලට මිරිස්කුඩු සහිත වතුර ප්‍රහාරයක් එල්ල කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.
(36698)
ඡායාරූප - ඉෂාන් සංජිව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න රණවීර කලේ.. කැලණියේ ඉන්න අයගේ හොඳම තේරීම..
විශ්‍රාම යන්න කාලේ හරි නේද?
පසුගිය 26 දා සිට රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව "රස්තියාදුකරයන්ගේ, (මිරිස්) කුඩුකාරයන්ගේ නිජ බිමක්වී තිබෙන බව නම් පැහැදිලියි! කතානායක අසුනේ "දියරයක්" හැලීමට, සෙංකෝලය උදුරාගැනීමට, අසභ්‍ය වචනයෙන් ඝෝෂා කිරීමට තරම් පහත් තත්වයකට ඇද වැටුණු තුට්ටු දෙකේ මන්ත්‍රීන් යයි කියාගන්නා රංචුවක් මැතිසබයට යැවීමට තරම් අපේ ඡන්ද දායකයින් මෝඩ වුණේ මොකද? රටේ අවාසනාවට මිස වෙන කුමකටද? පක්ෂ නායකයින්ට පවා පාලනය කරගැනීමට බැරි මෙවැනි මීහරක් තෝරා පත්කර නොයැවීමට මීළඟ මැතිවරණවලදී කතිරය ගැසීමට පෙර දෙවරක් නොව, සියවරක්ම සිතා බැලීමට ඡන්ද දායකයින් සිතා ගත්තොත් එය රටට කරන මහඟු සේවයක් වනු ඇත!
රටේ තරුණයෝ ඇත්තෙම නැද්ද දේශපාලනය කරන්න?
ගාමිණී ජයවික්‍රම යනු බුදුදහම අනුව කටයුතුකරන හොඳ බෞද්ධයෙක් .ඒ වගේ අයටත් මිරිස් කුඩු ගහනවානම් අපේ රට ජාතිය පිරිහෙලා තිබෙන තත්වය හිතාගන්න පුළුවන්.
හැමෝම පරික්ෂා කරලාලු නේද ඇතුලට ගියයි කියන්නේ?
උත්තරීතර තැන ඔහොම හැසිරෙන කොට මහජනයාට අබ සරණයි. මී හරක් පාර්ලිමේන්තු ගියාම ඔහොම තමයි..
මංකොල්ලකාරයොනේ මිරිස් !!!
මිරිස් වැදුනානම් කොහොමද ඇස අරගෙන යන්නේ. මිරිස් වැදුනාම ඕනෙම කෙනෙකුගේ අත් දෙක ඇස් වලට යනවා. ඇස්වලට මිරිස්ගිය කෙනෙක් ඔහොම ඉන්නේ නැත.
ආයේ සැරයක් ඡන්දයක් තියනිහින බලන්නකෝ ! ඔය කට්ටියම ආයේ වැඩි ඡන්දෙන් පත්වෙන හැටි!
නන්දලාල්, කැපුවත් අපි අර පාට,මේ පාට කියන ඡන්ද දායකයන්ට එම අදහස ගැලපෙන්නේ නැත. එමනිසා ඔවුන්ට නාමයෝජනා දෙන අයයි වඩාත් නිවැරදි තීරණ ගත යුත්තේ...
මහ ජනතාව ඔය වගේ අමනයින්ව පාර්ලිමේන්තු යවන්නේ නැහැ. ඡන්ද ගනින පක්ෂග්රාහී රජයේ සේවකයින් තමා ඔය දේ කරන්නේ.. ලංකාවේ මිනිස්සු කොච්චර දුප්පත් අසරණ නූගත් වුනත් ගෞරවයක් ඇතුව ජීවත් වෙන්න දන්නවා. රස්තියාදුකාර, මිරිස් කුඩු කාරයින්ව පාර්ලිමේන්තු යවන්න තරම් ඔවුන් මෝඩ නැහැ.
මිරිස් කුඩු ගැහුව නම් ඔහොම ඉන්න බෑ කොහොමවත්..පේනවද දෙවෙනි චායාරූපෙ ලස්සනට යන හැටි..
ක්‍රියාව අනුමත කරන්න බැහැ.
ඔය වෙලාවේ මිරිස් කුඩු පොට්ටනියක් අර ගෙන පාර්ලිමේන්තුව ඇතුලට රිංගුවේ කොහොමද කියන එක ප්‍රශ්නයක්!
මේ සිදුවන සියලු අසික්කිත ක්‍රියාවන් මෙහෙයවන්නේ මහින්ද විසින් බව හොඳින්ම පැහැදිලියි.. මිරිස් කුඩු ගෙන එන ලද්දේද එසේය. මහින්ද රනිල් සම්බන්ධන් පමණක් ආරක්ෂක නිලධාරීන් පරික්ෂා නොකළ අතර අනෙක් සියලුම දෙනා පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර පූර්ණ පරීක්ෂාවකට ලක්කර ඇත. මහින්ද මේ තත්වය ඇති කරනුවේ අගමැතිකම ලබා ගැනීමට පමණක් නොව ඔවුන්ට ඇති නඩු වලින් ගැලවීම සඳහාය..
රටේ උත්තරීතර ස්ථානයක් ලෙස සැලෙකෙන මෙවැනි තැනක සියලුම ජනතාව ලැජ්ජාවට පත් කිරීම ගැන බලවත්ව කණගාටු වන අතර, රටේ ඡන්දදායකන් වශයෙන් අපගේ වගකීම කුමක්ද? මීලග මැතිවරණයේදී හිතවත්කමට නොව උගත්කමට ඡන්දය පාවිච්චි කරන්න මේ 225 නැවත වාරයක් ඡන්දය දීමෙන් වලකින්න
අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරන මේ වගේ නරුමයෝද මහජන නියෝජිතයෝ....
අසභ්‍ය වචනයෙන් මිනිසුන්ට බණින කෙනෙක් නම් සමාවක් නැහැ.
ඒ කාලේ යාපනේ පුස්තකාලේ කඩාපුවා, මහාචාර්යවරුන්ට චේන් ප්‍රහාර එල්ල කරපුවත් පළදුන්නද? එ්ත් එව්වා එකක්වත් ආනන්තරිය පාපකර්ම නෙමෙයිනේ මේ ආත්මේදීම පළදෙන්න...
හිනාත් යනවා. මම හිතාගෙන මොකුත් නොලියා නිහඩව ඉන්නම්.
පවු අනේ