(සුජිත් හේවාජුලිගේ )
තමාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව තමා සතුටින් බාරගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනෑම මන්ත්‍රීවරයකුට අයිතියක් ඇති බවත් ඒ අයිතියට තමා ගරු කරන බවත් කතානායකවරයා කීවේය.
තමා එම යෝජනාවට මුහුණ දෙන බව පැවසූ මහින්ද යාපා අබේවර්ධන මහතා විශ්වාසභංග යෝජනාව ඉතා ඉක්මනින්ම විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
"අපි බලමු මොකද වෙන්නේ කියලා" යැයිද කතානායකවරයා පැවසීය.
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගත් අවස්ථාවේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරයි.
COMMENTS
පොහොට්ටු අය විපක්ෂව ඡන්දය දෙන්නේ මෙයා බේරාගන්න...!
මෙලෝ රහක් නැති කථා පෙට්ටියක් ...!
එයා දන්නවා පොහොට්ටුව කවදාවත් එයාට වරදක් කරන්නේ නෑ කියලා. කලගුණ සලකනවා කියන්නේ ඕකට...!
ලැජ්ජයි මෙහෙම කතානායක කෙනෙක්. ලංකාවේ පාර්ලිමේන්තුවේ කතා නායක කම මෙච්චර බාල්දු උන කාලයක් නැහැ.නීති විරෝධී වැඩට අත් උස්සලා කතා නායක කියන තනතුරේ විශ්වාසය බින්ද එක්කෙනෙක් තමයි මෙයා
ලැජ්ජා නැතිකම... පුළුවන් නම් ඉල්ලා අස්වෙලා පෙන්නන්න.