
(සුජිත් හේවාජුලිගේ)
සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේතුවෙන් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම ජංගම වී ගබඩා රජයේ ආයතනවලට නොමිලේ බෙදාදී ඇත්තේ ඒවා වසර හතකට වැඩි කාලයක් තිස්සේ නොවිකිණී පැවතීම නිසා යැයිද එම වාර්තාව සඳහන් කරයි
මෙම ජංගම වී ගබඩා රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වැය කර මිලදීගෙන තිබූ බව විගණන කාර්යාලය පවසයි.
රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා ඒකක දහතුනක් 2022 වර්ෂයේදීද රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඒකක විසි දෙකක් 2023 වර්ෂයේදී ද රාජ්‍ය ආයතන වලට මෙසේ නොමිලේ බෙදා දී තිබූ බව කියති.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’වී ගබඩා පිනට දීලා කෝටි හතක් වතුරෙ යවලා’’
vernon Friday, 14 February 2025 09:25 AM
මේක හරි පුදුම කතාවක්නේ. ඔය භාණ්ඩ දීලා තියෙන්නේ රජයේ ආයතන වලට නම් නොමිලේ නැතුව මිලට දුන්නා නම් ඒ වියදම යන්නෙත් රජයෙන් තමයි. මොනවද මේ විහිළු?