
(යොහාන් භාසුර)
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කළ බව එම සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (22) පැවසීය.
රේගු වෘත්තිය සමිති සන්ධානය එළඹි එම තීරණය එහි සියලු සාමාජිකයන්ට අද පෙරවරුවේ දැනුම් දුන් බව කී එම නිලධාරියා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ ක්‍රියාකළාපය පිළිබඳව එකඟ වියනොහැකි බව ද සඳහන් කළේය.
වර්තමාන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කර නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයා සමඟ ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද එම නිලධාරියා කීය.
වර්තමාන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තව දුරටත් කටයුතු කරන්නේ නම් රේගුවේ කටයුතුවලට බාදාඇතිවීම වැලැක්විය නොහැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
ලංකාවේ ලොකුම හොරු ඉන්න තැන.
සක්කරයා ආවත් ඔය හොර ගුහාව. හොර ගුහාවම තමයි.
හේතුව හරි සරලයි . මුන්ගේ හොර වැඩවලට හරස්වන ඕනෑම කෙනෙක් එක්ක මුන් පැටලෙනවා . වෙනත් රටවල නම් කස්ටම් එකේ නිලධාරීන් කියන්නේ තවත් සාමාන්‍ය පුද්ගලයින් වර්ගයක් විතරයි නමුත් අපේ රටේ උන් හිතාගෙන ඉන්නේ උන් හරි පොරවල් කියලයි . පු.ට දෙකක් ගහල පන්නල මෙවදෙට හමුදාව දාල කරගෙන යන්න පාලකයින්ට කොන්දක් නැහැනේ . අර සිය ගෙනාපු නිතිය තියෙන නිසා මුන්ගේ වත්කම් පිළිබඳව දිගට හරහට නඩු ගොනුකරන්න දැන් මහනතාවට පුළුවනි . මුන්ගෙන් ඇති බහුතරක් නීතිවිරෝදී වත්කම් උපයාගෙන ඇති බව ඉතා පැහැදිලියි.