
(රන්ජන් කටුගම්පොල)
දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි "රාජ සභා මණ්ඩපය" ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් නියම කළ බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම වසරක සිර දඬුවමක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය .
ඒ අනුව ඔවුන් චෝදනා තුනකට වැරදිකරුවන් කරමින් වසර බැගින් වන පරිදි වෙන් වෙන්ව ගෙවී යන ලෙස වසර තුනකට නියම කර තිබූ සිර දඬුවම එකවර ගෙවී යන සේ වසරක් තෙක් අඩු කිරීමට නියම කරන කෙරිණි.
කුරුණෑගල මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ 2023 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිර දඬුවම බලපැවැත්විය යුතු බවට ද නියම කෙරිණ.
අදාළ සිර දඬුවමට එරෙහිව ගොනුකර තිබූ අභියාචන පෙත්සමකට අවසර දෙමින් මෙම නියෝගය සිදු කෙරිණි .
COMMENTS
මේ වගේ සමාජයට නොගැලපෙන උද්දච්ච නරුමයෝ හිරේම සිටිය යුතුයි. මීට විරුද්ධව ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් දමනවා හෙට අනිද්දාම.
ඉතාම කණගාටුදායක ප්‍රවෘත්තියක් මේක, මෙවැනි සමාජ දූෂකයින්ට, නොහොබිනා පුද්ගලයින්ට දෙන දඬුවම් සරල හෝ සැහැල්ලු නොවිය යුතුයි. මොකද මොවුන් මෙම වැරැදි කරන්නේ නැතිබැරි කමට හෝ නොදැනුවත්ව හෝ නොවේ. තමන්ගේ තියෙන නැහැදිච්චකම හා බලපුළුවන්කාරකම සමාජයට පෙන්වන්නයි. ඒ නිසා එවැනි අමනයින්ට නීතියේ උපරිම දඬුවම ක්‍රියාත්මක කළ යුතුවේ...
ආ ආ ... මසුරංව පොදි බැන්ද රන්...
බැංකු කඩපු එකාලා එළියේ ඉද්දි මාලිගාව කඩපු එකාලා ඇතුළට දාලා මොනවා කරන්නද? තව ටික දවසකින් කෙහෙළියත් එළියට දායි අධිකරණය බලතලත් අතට අරන් තියෙන්නේ
කෝටි ගණනක දඩය එක්වරම ගෙවීමට මුදල් සොයාගත් අන්දම සොයලා බලන්න පුළුවන්ද?
ඒ කියන්නේ මේ තිරිසනුන් රෑන මේ අවුරුද්දේ දෙසැම්බරයේ නිදහස් වෙනවා...
ඡන්දෙට වැඩ අල්ලලා .. මෙරට දේශපාලනයේ ගෝල වැරදි කරුවන්ට දඬුවම් නැහැ. හිරේ ගියත් උන් ඉන්නේ සුඛෝපභෝගී වයි.. මේ දේශපාලුවෝ නීතියකට කිසිම ගරුත්වයක් නෑ. එකයි මේකට හේතුව