
(ගයාන් සූරිය ආරච්චි)
ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව දෙදෙනෙකු හැර මේ වන විට සියලු දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.
බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ඔහුට අවවාද කර ඇති බවත් මින් මතුවට එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගන්නා බවට දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එම සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ පීඩනය හේතුවෙන් එම වරද සිදුවී තිබූ බව අමාත්‍යවරයා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.