IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තමන් දැඩි  දුෂ්කරතාවයට  පත්ව සිටින බව පාරිභෝගිකයෝ  පෙන්වාදෙති.

විදුලිය බිල  සැලකිය යුතු අඩු කළත්  බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් තවමත් එලෙසම පවතින බවද  ඔවුහු පවසති.

විදුලිය මිල අඩු කිරීමට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩවල  මිල නියාමනයක් කරන කරන ලෙසට  බලපෑම් කරන්නැයි පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.

පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සංශෝධනය නොකිරීමෙන් ජීවන වියදම තවත්  උග්‍ර වී ඇතැයි ජනතාව පෙන්වා දෙති.

ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට විස්සකින්ද කර්මාන්තශාලාවල විදුලිය බිල සියයට තිහකින්ද පසුගිය ජනවාරියේදී අඩු කෙරිණ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ අනුව  රජය මෙම පියවර ගත්තේය.



අදහස් (7)

’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’

Asela Friday, 14 February 2025 07:04 AM

මෙය සෑම රජයක් යටතේම සිදුවේ. පාරිභෝගිකයින්ට අමතර මුදලක් ගෙවීමට සිදුවේ. ඖෂධවල මිල, දෘඩාංග අයිතම සහ තවත් බොහෝ දේ දෙස බලන්න. වගකිව යුතු අමාත්‍යවරුන් සහ ආයතන පවරා ඇති කාර්යය හැර අනෙකුත් සියලුම කටයුතු සිදු කරයි. මෙය වහාම කළ යුතුයි. සෑම අස්සක් මුල්ලක් නෑරම රජයේ සේවකයින් දහස් ගණනක් සිටිති. සිවිල්, සංවර්ධන, ග්‍රාමසේවක, ක්ෂේත්‍ර නිලධාරීන්, පාරිභෝගික කටයුතු ආදී බලඇණි තිබේ. මේ රජයටත් මේ සඳහා විසඳුමක් නැත. ඒ හා සමානව කාලකණ්ණි මෝඩයන් විසින් තෝරා පත් කර ගන්නා ලද කාලකණ්ණි නායකයින්, කුණුහරප කතා කරමින්, කිසිවක් නොකර සිටිති.

:       0       5

සාලිය Friday, 14 February 2025 07:28 AM

ඉන්ධන සහනාධාරය දුන්නාට මාලු මිල අඩු වෙලා නෑ.

:       0       9

Asiri Friday, 14 February 2025 07:36 AM

ඇත්තටම PUCSL එක නිර්දේශ කරාට CEB එකෙන් බිල අඩුකරාද?. ඒකට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණද?

:       1       4

Nihal Friday, 14 February 2025 07:55 AM

විදුලිබිල, ඩොලරය කොච්චර අඩු උනත් බඩුමිල තවත් වැඩි කරන එක වයාපාරිකයේ කරන්නේ,ඩොලරය 150ට ගියත් බඩුමිල අඩුකරන්නේ නෑ.මේවට දැඩි නීති පනවන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ගෙන් සාධරණය කවදාවත්ම ලැබෙන්න නෑ, සිංගප්පූරුව හදාගත්තේ නව නීති පනවලා අකුරටම ක්‍රියාත්මක කල නිසා, ක්ලීන් ශ්‍රීලංකා හොඳ දෙයක් නමුත් දුෂ්ට ආත්මාර්ථ තව සතියකින් නැවත කනවා බොනවා විසි කරනවා .සෑම නගරයක් ම අපායවල් වගේ කාණුවල ප්ලාස්ටික් බෝතල් පොලිතින් මලු දාලා වතුර අවහිර වෙලා මදුරුකීට පොල් කුඩු වගේ දහස් ගණනින්

:       0       9

udara Friday, 14 February 2025 08:50 AM

මේ කතාව නම් සහතික ඇත්ත, හොදම උදාහරණය යෝගට් වර්ග, රු 30 තිබුනේ, ඩොලරයට සාපේක්ෂව 50, 60 වුණා කියමුකෝ එත් සාදාරණ නෑ ඉතින්, විදුලිබිල වැඩි කියල 80 කලා කීපාරක් විදුලිබිල අඩු වුණාද කෝ රුපියලකින් අඩු කලාද, වෙළෙන්දෝ තමා දේසපලුවන්ගෙන් පස්සේ රට කන්නේ.....

:       0       16

charitth Friday, 14 February 2025 09:59 AM

දේශපාලුවන්ට හොරු හොරු කියල බැන බැන, වැඩි මිනිස්සු පිරිසක් කරන්නේ හොරම හොර මිනිස්සු ගසා කන වැඩ. රට හදන්න කතාකලාට තමන් හැදෙන්නේ නැතුව කොහොමද රට හදන්නෙ

:       0       18

Hasith Friday, 14 February 2025 02:42 PM

ගොඩක් සේවා සපයන තැන් වල මිල ගණන් තව තවත් වැඩි කරලා තියෙන්නේ ළදරු පාසල් ටියුෂන් කෑම කඩවල් දිනෙන් දින මිල වැඩි කරනවා

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site