IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’තව වැඩි කලක් පෝලිම්වල තබන් නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පැය 24න් විසඳුමක් නොලැබුනත් තව බොහෝ කලක් ජනතාව පෝලිම් වල නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

පාර්ලිමේන්තුව ඇරඹුමේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා සියලුදෙනා එක්විය යුතුයි. දේශපාලන වශයෙන් මෙය බොර දියේ මාළු බෑ යුතු අවස්ථාවක් නොවේ.රජයක් ලෙස අපට තිබෙන වග කීමෙන් මිදෙන්න බැහැ.රට ගොඩනගන්න එකතු වෙන්න යැයි  විපක්ෂයට කළ ආරාධනය අදටත් වලංගුයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

 එමෙන්ම මිත්‍ර රටවල් ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටිනවා.

කෙටි කාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේම දිගු  කාලීනව මෙවැනි අර්බුදයක් ඇති නොවීමට  අඩිතාලමක් දැමිය යුතුයි. විරෝධතාවයට එහා ගිය මැදිහත්වීමක් ඊට අවශ්‍යයි.

විසඳුම් සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. ගාලු මුවදොර අරගලයේ නිරත අයටත් අප සාකච්ඡාවට කැඳවූවා.ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට අප සූදානම් වුණා.ඉදිරි සති කීපය තුළ තුල ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කරන්නට පියවර ගෙන තිබෙන බව ජනපති ප්‍රකාශ කළා.24 පැයෙන් විසඳුමක් නොලැබුනත් තව බොහෝ කලක් ජනතාව පෝලිම් වල නොතබන බව කිව යුතුයි.අප ගන්නා වෑයමට සැමගේ සහාය මෙන්ම ජනතා ආශිර්වාදය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.



අදහස් (0)

’’තව වැඩි කලක් පෝලිම්වල තබන් නෑ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site