
'ඔමික්‍රෝන්' කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය බිහිවූයේ 'කොවිඩ් 19' වසංගතය අවසන් කිරීමට බවය.
''වයිරසයකට ඇත්තේ එක අරමුණයි. ඒ, නොනැසී පැවැත්ම රඳවා ගනිමින්, පිටපත් වැඩි වැඩියෙන් නිර්මාණයයි. එසේ කිරීමට නම් එය වැඩි දෙනකු අතරේ පැතිරෙන්න ඕනෑ. වයිරසය ආසාදනය වූ තැනැත්තා වයිරසයෙන් මියගියොත් හෝ ප්‍රතිශක්තියෙන් (ස්වභාවිකව හෝ එන්නත් සහ ඖෂධ මගින් හෝ) වයිරසය අඩපණ කෙරුණොත් වයිරසයට සිය අරමුණ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. වයිරස දරු පරම්පරා විකෘතිකරණයට ලක් වෙන්නේ එසේත් නැතිනම් එය මාතෘ වයිරසයෙන් වෙනස්වීම්වලට ලක් වන්නේ ඒ නිසයි. ඔමික්‍රෝන් ගැන තවම හරිහැටි විස්තර දන්නේ නැහැ. ඒත් දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ට අනුව, බෝ වීම ඉතාමත් වැඩි වුණත්, ඔමික්‍රෝන් බරපතල රෝගී තත්ත්ව පෙන්නුම් කර නැහැ. කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත රැක ගැනීමට වෙන්න පුළුවන්. කොවිඩ් 19 වසංගතයේ පවා අවසානයක් තිබිය යුතුයි. කොවිඩ් 19 වසංගතයට අවසානයක් තිබිය යුතුයි. අවසානය වෙන්න නම් එක්කෝ වයිරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි. මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොරෝනා වසංගතයේ අවසානය මෙය විය හැකියි.'' යැයි මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් සිය අදහස ඉදිරිපත් කර තිබේ.
මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් මෙසේ සිය අදහස ලොවට පවසද්දී, බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලුටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවය. කෙසේ නමුත් තවමත් ඔමික්‍රෝන් වයිරසයේ සැබෑ ස්වරූපය නොදන්නා බැවින්, මහාචාර්ය ලුටර්බාෂ්ගේ අදහස පිළිගැනීමට හෝ බැහැර කිරීමට හෝ නොහැකි බව ද ඔවුහු පවසති.
(ඩේලිමේල්)
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න
ලලිත් අම්බලන්ගොඩ Tuesday, 30 November 2021 09:19 AM
අනේ සාදු, සාදු, සාදු බුුදුසරණයි, දෙවි පිහිටයි. තුණුරුවන්ගේම පිහිටයි.
hesa Tuesday, 30 November 2021 01:48 PM
එසේම වේවා! වසර 2ක් තිස්සේ විඳි දුක තුරන් වේවා! නිදුක් නීරෝගී සාමකාමී ලොවක් බිහි වේවා!
Thani Tuesday, 30 November 2021 06:53 PM
අම්මෝ එසේම වේවා
pakeer Tuesday, 30 November 2021 07:53 PM
මමත් මුලින්ම හිතුවේ එහෙම තමයි.