
(සුමිත් පොතුපිටිය)
කොටි ඩයස් පෝරවෙන් සල්ලි දුන් බවත් මේ ආණ්ඩුව ඒවා දේශපාලනය කරන්න වියදම් කළ බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා පැවසීය .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ඇගයීමේ වැඩසටහනකදී. මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
මේ සැරෙත් යූ. කේ. වලට ගිහින් ඩයස් පෝරාව හම්බ වෙන්න හැදුවා. ගහල එලවන්න හැදුවෙ. කොටි ඩයස් පෝරාව කියන්නේ අපේ පිටිපස්සේ ඉන්න අපේ නෑයෝ. එයාල සල්ලි දුන්නේ සලේලව අල්ලල දාන්න නොවේ. ආයේ ශත පහක් දෙන්නෙ නෑ.
මම මගේ අයට ආදරෙයි. ආගමට ආදරෙයි. තමන්ගේ අයට ආදරේ නැති අය කොහොමද රට හදන්නේ.
දෙමළ අයගේ සහ සිංහල අයගේ ප්‍රශ්න විසදගන්න ඕන මමයි නාමලුයි.
2029 දී නාමල් රාජපක්ෂ ජනාධිපති. එතකොට මම එයා එක්ක මේක ඉවර කරගන්නම්. අපි ආණ්ඩු කරගන්නම් සිංහළ කතාකරන්න දන්නැති දෙමළ මිනිහටයි කිසි දෙයක් දන්නෙ නැති සිංහල මිනිහටයි ප්‍රශ්න තියෙන්න බෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නාමල්ට වැඩියෙන් හරියන්නේ සජිත්ට... ඒ අය එකට ඉන්න ඕනේ...
තමන්ගේ නායකයා ප්රභාකරන් කියපු එකාටත් මෙයාලාගේ මීටිමට කතාකරලා. දැං හරිනේ සමීකරණේ...!
යකඩ කූරු ගනින්න ඕනෑ මිනිස්සු ජනපති කරවන්න හීන දකින කෙනෙක්... උතුරෙන් පාර්ලිමේන්තුවට එවන්න. මොකද ඒ ජනතාවට සිදුවූ අත්වැරැදීම..
නාමල්ටම ගැලපෙන පිස්සෙක්...
මේ වගේ අවස්තාවාදියෙක් දැකලාම නැහැ..
හදේ තමයි.
දෙමළ ඩයස් පෝරාවේ සල්ලි මොකටද? ලක්වැසියන්ට එත් දිපුවා දේශපාලනයට ගත්තාලු. ඉස්සරහ ඉදගෙන ඉන්න ඩුප්ලිකේට් රජ්ජුරුවන්ගේ කාලේ. එයාගේ ගිණුමට. කෝ අර අසරණ දෙමළ මිනිසුන්ගේ බලහත්කාරයෙන් ගත් රත්තරන් ටොන් ගාණක්... අහපන්කෝ නාකි මයිනාගෙන්. ඒවාට මොකද වුනේ කියලා ඒවත්. නඩුව එළියට එනවා. ප්රභාකරන්ට වැඩිය. මීනිමරුවෝ මේ අය සලේව ඇතුළට දැම්මලු. එහෙම වුනේ අසරණ මිනිසුන් මරන්න ප්ලෑන් කරපුවා අහගන්න. ඔබලා දේශපාලනය කරන්න එන්නේ මිනිසුන් මරන්නද? ඕවා කියලා පරිස්සමින් ගෙදර ඉන්න. 2029 නාම්ල් බේබි ජනපති වෙන්න. ලන්කාවේ මිනිසුන්ගේ නහර මැරිලා මොලේ මැරෙන ලෙඩක් හැදෙනවලුද? ගොනයි, මීහරකයි... තියෙන ප්‍රශ්න විසදාගන්න ජනාධිපතිකම් ඕනෑ නැහැ. වැලිකඩ ගියාම ළගදීම විසදෙයි. මුන් හිතන් ඉන්නේ... අපි මීහරක් පැටව් කියලා වෙන්න ඇති. නාකිමයිනාට....
මෙන්න මාලිමා ගව සම්පතට ලියන්න හොද අවස්ථාවක්. චතුරි, ලයාන්, රට පෙරට .... කෝ ඔයාලා...?
දැන් නම් අර්චුනා දේශප්‍රේමීයෙක් වෙලා අපේ හාමුදුරුවනේ...!
2029 නොවෙයි මේ ආත්මයේදී නාමල්ව ජනාධිපති කරන්න ඔයාට බැරි වෙයි අර්චුනා, ඊළග ආත්මයේ මනුෂ්‍යයෙක් වෙලා ඉපදුනොත් ට්‍රයි කරලා බලනවා.
ජෝකර්... නඩු කීයක් තියෙනවද? බයියන්ට දැන් කොටි හොද වෙලා වගේ...
අවුරුද්දකට අප්‍රේල් පළමුවැනිදා කියලා තියෙනවද?
මේ මීටිමට ‘ඇප පිට ඉන්න අයගේ සමුළුව’ කියලා දැම්මා නම් හරි.