(සුජිත් හේවාජුලිගේ)
දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බවත් පරීක්ෂණ සඳහා ලැබෙන නියැදිවලින් ආසාදිතයන් හමුවීමද අඩුවී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඉදිරි මාස කීපයේදී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ අඩුවේ යැයි බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.
නව පරීක්ෂණවලින් අලුත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. නව සැර කොරෝනා වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ ගණනාවකින් හමුවුණා .ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයා හමුවී ඇත්තේ සමාජයෙන් නොවෙයි .
ඔහු හමුවෙලා තියෙන්නෙ වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් .ඒ නිසා ඔහුගෙන් සමාජයට බලපෑමක් නැහැ.මීට පෙරත් ඉන්දියානු ප්‍රභේදය සහිත පුද්ගලයකු හමුවුණා.ශ්‍රී ලංකාවේ රෝගය දැනට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රභේදය පදනම් කරගෙනයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචරණ සීමාවල ප්‍රතිඵල පෙනෙන්න තියෙනවා නම් ඔබේම සගයෙක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය නවීන් සොයිසා මහත්තයා " කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටිනවා. ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටිනවා" කියල කියන්නේ ඔලුව නරක්වෙලාද?
එහෙනම් සදහටම වහලා තියන්න...