IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


‘‘යෝෂිත අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනය නෑ‘‘

(ගයාන් සූරියආරච්චි)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත් එම අවස්ථාවේ සිටි විමර්ශන නිලධාරියාගේ තීරණය අනුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත් විලංගු නොදැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

එම මාධ්‍ය හමුව ඊයේ (26) බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ දෙහිවල පිහිටි නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවට ලද තොරතුරකට අනුව ඔහු බෙලිඅත්ත අධිවේගී පිටවීමේ පොලිස් මුරපොළ ආසන්නයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව මනතුංග මහතා පැවැසීය.

පොලිසියෙන් සිදුකරනු ලබන විමර්ශන සදහා කිසිසේත්ම දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නොමැති බවත් ආරක්ෂක අමාත්‍යවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට අත්විලංගු නොදමනන ලෙස කිසිම මොහොතක පවසා නොමැති බවත් අමාත්‍යවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ ජනාධිපතිවරයා හෝ මෙහි විමර්ශන කටයුතුවලට මැදිහත්වී නොමැති බව මනතුංග මහතා කීය.

 



අදහස් (12)

‘‘යෝෂිත අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනය නෑ‘‘

රම්බොඩ Sunday, 26 January 2025 07:30 PM

සියල්ල අසීමිතව දේශපාලනීකරණය වී හමාරයි. බොරුවෙන් පාලනයට ඇවිත් වෛරයෙන් පිනුම් ගහන පවකුයි පෙනෙන්නේ. සියල්ල අනිත්‍ය වග ඔවුන්ට මඳක් හෝ වැටහේ නම් මීට වඩා පරිිස්සම් වනු ඇතැයි සිතමි.

:       66       176

වික්‍රව විදුරSunday, 26 January 2025 08:41 PM

අපි කන්න නැතුව දුක්විඳින කොට ඔවුන් බිලියන ගණන් ගිලලා.. පොඩි හරි වංචාවක් කරපු අයට ධර්ම චක්‍රය කැරකෙනවා පේනකොට බය හිතෙනවා. ඔයාටත් බයක් දැනුණාද? එක සැරේම සංසාරේ අනියත බවක් ධර්මයක් මතක් වුණාද? හීන් දාඩිය දානවද? එහෙනම් ලෙඩේට බේත් තියනවා.

:       121       41

ජිල්බු Sunday, 26 January 2025 08:21 PM

හොරු අල්ලන්න කියලා අභියෝග කරනවා. අල්ලනකොට කෙඳිරි ගානවා පලිගැනීම්ලු. හරියට නිකං ජාතිය ගලවා ගත්තයි කියන කෙනාම ජාතිය විනාශකෙරුවා වගේ. තවත් හරියට නිකං ජාතියේ පියා, නිදහසේ පියා සම්පූර්ණ නිදහසක් අපිට එපා, අපි එකතුවෙලු රට පාලනය කරමුයි කිව්වා වගේ...

:       60       53

Shantha Sunday, 26 January 2025 08:42 PM

තිබුණයි කියලා ප්‍රශ්නයකුත් නෑ. විය යුතුදේ විය යුතුයි.

:       81       33

David Perera Sunday, 26 January 2025 09:29 PM

තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්.......ලපයා දවසක මැරෙන්නෙ පචයක් උගුරෙ හිරවෙලා.

:       36       118

අරවින්ද මොනරවිල Sunday, 26 January 2025 09:37 PM

බයි සන්සදයට දැන් වැස්සත් ඒක දේශපාලන බලපෑමක් පෑයුවත් එකත් දේශපාලන බලපෑමක් කියලා මරලතෝනී දෙනවා ඇරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.

:       92       29

සෙනෙවිරත්න Sunday, 26 January 2025 11:27 PM

ඩේසි ආච්‍චිගේ මැණික් මල්ල විශ්වාස කරන බූරුවන් මේ පිටුව කියවන බව පැහැදිලියි. හරිම අමාරුයි මේවා හොයනකොට, කටු කාපු අයට බොහොම රිදිලා වගේ..

:       2       0

විජිත් Sunday, 26 January 2025 11:46 PM

මහා ජනයා ජනමාධ්‍ය මගින් විමසන "යෝෂිත හොරාට මාංචු දැම්මේ නැත්තේ ඇයි?" කියන ප්‍රශ්නයෙන් මනාවට පෙන්නුම්කරන්නේ රාජපක්ෂ හැතිකරේ කෙරෙහි රටේ ජනතාවගේ තිබෙන මහත්වූ අප්‍රසාදයයි!!!

:       3       0

දුමින්ද පෙරේරා Monday, 27 January 2025 02:54 AM

පච කියන මිනීමරපු අයට මොනවද කරන්න බැරි…? ජෙප්පෝ රැල බය කාදිනල්ටයි, LTTE ඩයස්පෝරා උන්ටයි විතරයි.

:       0       6

යෝගා Monday, 27 January 2025 05:02 AM

නෑ, යෝෂිතව දවස් කීපයකට ඇතුලට දාන්නේ වරායෙන් හොරෙන් පිට කල කන්ටේනර් මගඩිය යට ගහන්නයි. හාල් ප්‍රශ්නය යට ගහන්න මහින්දගේ නිල නිවස ඇදල ගත්ත වගේ. ඊලඟට වී ගොවියන්ගේ ගැටලුව ආවහම නාමල්ව අත්අඩංගුවට ගනියි. අලුත් ක්‍රම හොයාගන්න. ජනතාව අවදියෙන්.

:       2       15

බක්මී්ගොල්ල Monday, 27 January 2025 08:29 AM

පොලිස් ඇමතිතුමාගේ හැසිරීම නම් පාර්ලිමේන්තුවේ අන්තිමයි. ඉවසීම බින්දුවයි. කේන්ති ගිහින් වෙවුලනවා කතාකොරනකොට. ඔහොම නම් බැරිවෙයි ඉදිරියට යන්න. ටිකක් වැදගත් වෙන්න වෙයි. ජනාධිපති තුමා මේ ගැන හිතන්න වෙයි. රටේ ජනතාව ඔක්කොම මැට්ටෝ නෙමෙයි...... පොලිස්පති තුමාත්ඔය අන්තර්ජාලයේ කොටන හැම එකකටම උත්තර දෙන්න යන්නේ නැතිව කතාව අඩු කරලා ටිකක් වේගයෙන් වැඩ කෙරුවොත් හොඳයි. අනුන්ගේ අඩුපාඩු, වැරදි කියව කියවා ඉඳලා හරියන්නේ නෑ.රටේ මිනිස්සු තියපු බලාපොරොත්තු දැන් ටික ටික බොඳ වේගන වාගේ එන්නේ......

:       0       13

පිටිගල මිලානෝ Monday, 27 January 2025 12:38 PM

ෂෝ එක ඉවරායි….. දැන් පරිස්සමින් ගෙවල්වලට යන්න….

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site